ධීවරයින් හයක් සමග කේෂාන් පුතා අතුරුදන්
රැකියාව සදහා දෙවිනුවර පුරාණ වැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය “කේෂාන් පුතා” බහු දින යාත්රාව ධීවරයින් හය දෙනෙකු සමග මහ මුහුද මැදදී අතුරුදන් වී ඇතැයි ඔවුන්ගේ පවුලේ ඥාතීන් ගන්දර පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලට අනුව පරික්ෂණ ආරම්භ කර ඇත.
ඉකුත් අගෝස්තු මස 31 වැනි දින මෙම යාත්රාව මුහුදු ගොස් තිබෙන අතර ඉකුත් 15 වැනි දින සිට ගොඩබිම සහ සෙසු ධීවර යාත්රා සමග පැවැත්වු සියලු සංනිවේදන සම්බන්ධතා බිද වැටී තිබේ.
තවත් බෝට්ටු දෙකක් සමග කේෂාන් පුතා බහු දින යාත්රාව ගොඩබිම දෙසට එන අතරතුරදී සැඩ සුලං ප්රවාහයකට හසුව ඇති බවත් ඉන් පසුව එම යාත්රාව සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් එම ධීවරයන්ගේ පවුල් වල ඥාතීන් පොලීසිය වෙත ප්රකාශ කර ඇත.
එම නිසා අදාල බහු දින යාත්රාවට හා එහි සිටි ධීවරයින්ට සිදු වූයේ කුමක්ද යන්න සොය් බලන ලෙසත් ඔවුන්ට අනතුරක් සිදු වී ඇත්නම් බේරා ගන්නා ලෙස පවුල් වල ඥාතීන් රජයේ අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
ධීවර අමාත්යංශය හා නාවික හමුදාව මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
ක්රිෂාන් ජීවක ජයරුක්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

