ඇෆ්ගනිස්තානයේ උර්ගුන් දිස්ත්රික්කයේ දේශසීමාවට පාකිස්තානය එල්ල කළ ගුවන් ප්රහාරයකින් ඇෆ්ගනිස්තාන දේශීය ක්රිකට් ක්රීඩකයින් තිදෙනෙකු මිය යාමෙන් පසු ලබන මාසයේ පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තුන් කොන් තරගාවලියෙන් තරගාවලියෙන් ඉවත් වන බව ඇෆ්ගනිස්ථානය පවසයි.
පකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ශ්රී ලංකාව අතර පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලිය නොවැම්බර් 17 සිට 29 දක්වා රාවල්පින්ඩි සහ ලාහෝර් හිදී පැවැත්වීමට නියමිතව තිබුණි.
X හි සටහනක, ACB කියා සිටියේ ප්රහාරයෙන් ජීවිත කිහිපයක් අහිමි වී ඇති බවත්, පක්ටිකා පළාතේ අගනුවර වන ෂරානා හි "මිත්රශීලී" තරඟයක් ක්රීඩා කිරීමෙන් පසු නිවසට යමින් සිටි දේශීය ක්රිකට් ක්රීඩකයින් තිදෙනෙකුද
ඒ අතර වන බවයි.
"මෙය ඇෆ්ගනිස්ථානයේ ක්රීඩා ප්රජාවට, එහි ක්රීඩක ක්රීඩිකාවන්ට සහ ක්රිකට් පවුලට විශාල පාඩුවක් ලෙස ACB සලකන බව" එම ප්රකාශයේ සඳහන් වේ.
එය "ඛේදජනක සිදුවීමක්" ලෙස විස්තර කරමින්, ACB පැවසුවේ "වින්දිතයින්ට ගරු කිරීමක් ලෙස" "ඉදිරියට එන තුන්කොන් විස්සයි20 තරගාවලියට සහභාගී වීමෙන් ඉවත් වීමට තීරණය කළ" බවයි.
