ඉන්ධන ලීටරයක් දැනට අළෙවි කරන මිලට වඩා රුපියල් 200 ක් අඩු මිලකට ජනතාවට ලබාදීමේ හැකියාව ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (7) පැවසීය. කොළඹදි විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සඳහන් කළේ ඉන්ධන ලීටරයක සත්‍ය ආනයනික වියදම රුපියල් 300 ට අඩු මට්ටමක පවතින බවයි.
රුසියාව තුළ අසමගිය වැපිරීමට බටහිරයන් ගත් උත්සාහයන් අසාර්ථක වූ බව රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.
Read Moreකොවිඩ් ආසාදිතයන්ගේ තරමක වැඩිවීමක් මේ වන විට සටහන් වෙමින් පවතී. මේ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 20ක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreයුක්රේනය මුල් කරගනිමින් නව සීතල යුද්ධයක් ඇති කිරීමට දරන උත්සාහයට එරෙහිව චීනය දැඩි අනතුරු ඇඟවීමක් සිදුකරයි.
Read Moreමේ වසරේ මාර්තු 31 දින සිට මැයි 15දා තෙක් දිවයිනේ ප්‍ර දේශ කිහිපයක සිදුවූ විනාශකාරී ක්‍රියාවන් නිසා දේපල හානියට පත්වූ පුද්ගලයන්ට වන්දි ගෙවීමට රජය තීරණය කර තිබේ.
Read Moreඑක්සත් ජනපදය රුසියාවට සහ එහි සමීප මිතුරෙකු වන බෙලාරුසියාවට එරෙහිව සෘජු යුද්ධයක් සඳහා සැලසුම් සකසමින් සිටින බව බෙලාරුසියානු හමුදා බුද්ධි අංශ ප්‍රධානියා අනතුරු ඇඟවීය.
Read Moreඉදිරි කාලයේ දී රටේ උද්ධමනය සියයට 70ක් දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසිය. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ පොලී අනුපාත වැඩිකර උද්ධමනය පාලනය කර ගැනිමට උත්සාහ කරන බවයි.
Read Moreබොකෝ හරාම් ත්‍රස්ත සාමාජිකයන් සහ නඩු විභාගවලට පෙනී සිටින හෝ දැනටමත් වරදකරුවන් වූ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු රැඳවියන් 994ක් අඟහරුවාදා අග ප්‍රහාරයට පෙර එම ස්ථානයේ සිටි බව කියයි.
Read Moreකැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැක්කිනොන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (07දා) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී හමුවිය.
Read Moreරුසියාව සමග ගැටුම සාමකාමීව විසඳා නොගතහොත් යුක්රේනය සිතියමෙන් අතුරුදන් විය හැකි බව හිටපු ට්‍රම්ප් හමුදා උපදේශක කර්නල් ඩග්ලස් මැක්ග්‍රෙගර් ස්කයි නිව්ස් ඔස්ට්‍රේලියාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
Read Moreඅපනයන බහාලුම් රථ වලින් සියයට 90ක් අද (7දා) දිනයේ ධාවනය නොවූ බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.
Read Moreරට රාජපක්ෂවරුන්ගෙන් මුදවා ගැනීම සඳහා සිදු කරන අරගලයන්ගේ අවසන් දිනය එළැඹෙන 09 වැනිදා විය යුතු බවත්, ඒ සඳහා සියලු පක්ෂ එකට එක්විය යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
Read Moreකොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයට ආසන්නයේදී කන්ටේනර් රථයක් පෙරළීමෙන් රියදුරු හා සහයක තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය පවසයි.
Read Moreමෙරට භාවිතයට ගැනීමට නොහැකි දුම්රිය මැදිරි 103ක් ඉන්දියාවෙන් ගෙන්වීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) අප්‍රසාදය පළ කර තිබේ.
Read Moreනීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි ,මත්පැන් සහ වියලි කහ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමේ අවස්ථාවේදි මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමකට ශ්‍රී ලංකාව සමග එක්නොවන බව ශ්‍රි ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලි චුංග් මහත්මිය පැවැසුවාය.
Read Moreබත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ගමන් බලපත්‍ර ලබාගැනීමේ පෝලිමේ රැඳී සිටි ගැබිනි මවක් අද (7දා) අළුයම දරුවෙකු ප්‍රසූත කර තිබේ.
Read Moreකොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරු ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
Read Moreදුම්රිය ධාවනාගාර සේවකයින් අද (7දා) නැවතත් වර්ජනයක් ආරම්භ කර තිබේ.
Read Moreධම්මික පෙරේරා අමාත්‍යවරයාට කුමන න්‍යාය පත්‍ර තිබුණද වර්ථමානයේ කටයුතු කරමින් සිටිනුයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ රූකඩයක් ලෙස බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සදහා රුසියානු තෙල් සමාගම් නියෝජිතයන් දෙදෙනෙකු අද (07දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගයට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ධනංජය ද සිල්වා සහ ජෙෆ්රි වැන්ඩර්සේට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (06දා) රාත්‍රියේ සිදුකළ මුර සංචාරයකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 07 ක් සමග ජාවාරම්කරුවන් 02 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreරටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් තම නිවෙස්වල සිට රාජකාරී කටයුතු සිදුකිරීමට ග්‍රාම නිලධාරීවරුන් තීරණය කර තිබේ.
Read Moreජනපති අගමැති ඉවත්වී රට භාර දුන්නොත් රටේ පාලනය හෙටම භාර ගන්නා බවත් වැටි ඇති රට මාස හයක් තුල ගොඩනැගීමට ජාතික ජන බලවේගයට හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (6දා ) රාත්‍රියේ කරන්දෙණිය හිපන්කන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසීය .
Read Moreබම්බලපිටිය ඉන්ධන පෝලිමක රැදී සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අවුුරුදු 62ක් වන මෙම පුද්ගලයා ඉන්ධන පෝලිමේ රැදි සිටියදි අසනීප වි ඇති අතර පසුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreවසරේ ඉදිරි කාලසීමාවේදිත් උද්ධමනය ඉහළ යනු ඇති බව මහ බැංකුව පවසයි. මහ බැංකුව සිය ටිවිටර් ගිණුමෙන් ප්‍රකාශ කරන්නේ ගනු ලබන ප්‍රතිපත්ති අනුව ඉන් අනතුරුව උද්ධමනය පහළ යනු ඇති බවයි.
Read Moreබේරුවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් පයාගල ගාලු පාරේ අයි.ඕ.සී පිරවුම්හලේ ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙකු, හදිසි රෝගී තත්ත්වයක් නිසා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (7දා)මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
Read Moreභික්ෂූන් වහන්සේලා පිරිසක් හා සර්ව ආගමික නායකයන් පිරිසක් ඇතුළු සංවිධාන කිහිපයක සාමාජිකයන් පිරිසක් විසින් අද (07දා) කොළඹ කොටුව පවත්වීමට නියමිත උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් අධිකරණය නියෝගයන් නිකුත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත තවදුරටත් ඉහළ නැංවීමට තීරණය කර තිබේ. ඒ අනුව මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින් පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ.
Read More