නොගැළපෙන දුම්රිය මැදිරි 103ක් ගෙන්වලා
මෙරට භාවිතයට ගැනීමට නොහැකි දුම්රිය මැදිරි 103ක් ඉන්දියාවෙන් ගෙන්වීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) අප්රසාදය පළ කර තිබේ.
ඉන්දියාවෙන් ගෙන්වන ලද දුම්රිය මැදිරි 160න් 103ක්ම මෙතෙක් භාවිතයට යොදා ගෙන නැතැයි කෝපා කමිටුවේදී හෙළිවෙයි.
මේ පිළිබඳව එම කමිටුව කළ විමසුමකදී දුම්රිය දෙපාර්තමේන්තු ප්රධානින් පවසා ඇත්තේ මෙරට දුම්රිය මැදිරිවල පවතින්නේ වැකියුම් බ්රේක් ක්රමවේදය වන අතර නමුදු මෙම අලුත් දුම්රිය මැදිරිවල පවතින්නේ එයා බ්රේක් ක්රමවේදය බවද ඔවුහු පෙන්වා දුන්හ.
රටට නොගැළපෙන මෙම දුම්රිය මැදිරි ගෙන්වීමට අනුමැතිය දුන්නේ කවුරුන්දැයි සාමාජික මන්ත්රීවරු මෙහිදී විමසා සිටියහ. එම තීරණය ගත් නිලධාරීන් මේ සඳහා වගකිව යුතු බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.
මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය (05දා) රැස්වූ අවස්ථාවේදීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

