රුසියානු තෙල් සමාගම් නියෝජිතයන් දෙදෙනෙක් කටුනායකට
ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සදහා රුසියානු තෙල් සමාගම් නියෝජිතයන් දෙදෙනෙකු අද (07දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මොවුන් දෙදෙනා බහරේන් සිට ගල්ෆ් එයා ගුවන් සේවයේ ජී.එෆ්.- 144 දරන ගුවන් යානයෙන් 07/07 දින උදෑසන 9.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක අතර ජාත්‍යන්තර ඍජු ගුවන් ගමන් ඇණ හිට තිබීම නිසා මෙම නියෝජිතයන් බහරේන් හරහා මෙසේ කටුනායක වෙත පැමිණ තිබුණි.
මොවුන් දෙදෙනා පිළිගැනීම සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
popular news
-
Ashtom Thursday, 07 July 2022 10:09 AM
මේ කතාවෙන් පැහැදිලි වන්නේ ධනෙශ්වර දේශපාලකයන් හිතන විදිහ. කාට නැතත් තමන්ට තිබිය යුතුයි යන උද්දච්ච කම ඇත්තේ එයාලටයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

