බේරුවල ප්රාදේශීය ලේකම් බල ප්රදේශයට අයත් පයාගල ගාලු පාරේ අයි.ඕ.සී පිරවුම්හලේ ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙකු, හදිසි රෝගී තත්ත්වයක් නිසා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (7)මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
අද අළුයම එකට පමණ මෙම පුද්ගලයාට හදිසි රෝගී තත්වයක් ඇති වීමෙන් අනතුරුව කළුතර නාගොඩ මහ රෝහලට ඇතුලත් කර ඇති අතර අලුයම පහට පමණ රෝහලේදී මිය ගොස් ඇති බව ප්යගලපොලිසිය සනාථ කරයි. ඉන්ධන පෝලිමක දී තවත් පුද්ගල මරණයක් .
මියගොස් ඇති පුද්ගලයා මොරටුව ප්රදේශයේ පදිංචි 60 හැවිරිදි අයෙකු බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා