ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත තවදුරටත් ඉහළ නැංවීමට තීරණය කර තිබේ. ඒ අනුව මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින් පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින 4.00% මට්ටමේ ම පවත්වා ගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.