භික්ෂූන් වහන්සේලා පිරිසක් හා සර්ව ආගමික නායකයන් පිරිසක් ඇතුළු සංවිධාන කිහිපයක සාමාජිකයන් පිරිසක් විසින් අද (07දා) කොළඹ කොටුව පවත්වීමට නියමිත උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් අධිකරණය නියෝගයන් නිකුත් කර තිබේ.
ඒ් අනුව එම සංවිධානවලට පිටකොටුව පොලිස් වසමේ ඕල්කට් මාවතට ඇතුළුවීම, පිටකොටුව ඕල්කට් මාවත හෝ බෝධිරුක්ඛාරම විහාරස්ථානය ඉදිරිපිට හෝ වෙනත් ස්ථානයක රැදී සිටිමින් එහි ගමන් ගන්නා වාහනවලට, මගී ජනතාවට හෝ පදිකවේදිකාවට අවහිර වන ලෙස ගමන් කිරීම හෝ රැදී සිටිම වළක්වමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
කොටුව පොලීසිය කළ ඉල්ලීමක් සලකා බලමින් කොළඹ අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.