කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයට ආසන්නයේදී කන්ටේනර් රථයක් පෙරළීමෙන් රියදුරු හා සහයක තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය පවසයි.
කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් කඩවත දෙසට ඇතුළුවී පිටත වටරවුම් මාර්ගයට යොමු කිරීම සඳහා යමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
අන්තර් හුමාරු මධ්‍යස්ථානයේ සිට පිටත වටරවුම් මාර්ගය දක්වා දී දිවෙන කොටසේ අධික වේගයෙන් කන්ටේනර ධාවනය කිරීමේ හේතුවෙන් රියදුරුට පාලනය කරගත නොහැකිව මෙම අනතුර වී ඇතැයි පොලිසිය පැවසීය.
මේ හේතුවෙන් අන්තර් හුවමාරු මධ්‍යස්ථානය හරහා කඩවත දෙසට ගමන් ගන්නා වාහන වල ධාවනයට දැඩි බාධා සිදුවිය.

