නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි ,මත්පැන් සහ වියලි කහ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පුස්සැල්ලාව සහ කොත්මලේ යන ප්‍රදේශවල පදිංචි කරුවන් වන 32 සහ 44 වියැති පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 11 නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් අනුව පොලිස් පරීක්ෂක පී.ඩබ්ලිව්.ඒ.ජේ.පී.කේ.වන්නිආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කිරිබත්ගොඩ ඉන්ධන හල අසල සිදුකල වැටලීමකදී ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි නීති විරෝධීව මෙරටට ආනයනය කල විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී වත්තල,හුණුපිටිය ,වේවැල්දුව පාරේ පිහිටි නිවසක් තුල සඟවා තිබු නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය මත්පැන් සහ වියලි කහ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීමේදී විදේශීය දුම්වැටි 40000 ක් ,විදේශීය මත්පැන් බෝතල් 720ක්,වියලි කහ කිලෝ 4700 ක් සමග ඒවා ප්‍රවාහනයට යොදාගත් ත්‍රී රෝද රථය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කිරිබත්ගොඩ පොලිසියට භාරදී ඇත.
මතුගම බන්දු තඹවිට