අපනයන බහාලුම් රථ වලින් සියයට 90ක් අද (7දා) දිනයේ ධාවනය නොවූ බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.
ඒ ඉන්ධන නොමැතිවීම හේතුවෙනි.
බහාලුම් ප්‍රවාහන රථ 6000 කට ආසන්න සංඛ්‍යාවක් ඇතත් මේ වනවිට ධාවනය වන්නේ 500කටත් අඩු ප්‍රමාණයක් බව එම සංගමය පැවසීය.
බහාලුම් ප්‍රවාහන රථ සඳහා ඩීසල් නිකුත් කිරීමට පිළිගත හැකි වැඩපිලිවලක් ඉදිරිපත් නොකරන්නේනම් බහාලුම් ප්‍රවාහන රථ සියල්ල ධාවනය ඇනහිටින තත්ත්වයක් උද්ගතව ඇතැයි ඔවුන් සඳහන් කළේය.