ධම්මික පෙරේරා අමාත්‍යවරයාට කුමන න්‍යාය පත්‍ර තිබුණද වර්ථමානයේ කටයුතු කරමින් සිටිනුයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ රූකඩයක් ලෙස බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (07දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වර්ථමානයේ මර්ධනය උපරිමයෙන් පාවිච්චි කරන බව සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා,
මේ දවස්වල ගෝඨාභය රාජපක්ෂලා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මර්ධනය උපරිමයෙන් පාවිච්චි කරනවා. ඒක අපි දැක්කා ඊයේ අවස්ථා ගණනාවකදී. එක් අවස්ථාවකට මටත් මුහුණ දෙන්න සිදුවුණා. අපි ඊයේ මේ රටේ සමස්ථ ගොවි ජනතාව වෙනුවෙන් උපරිමාධීකරණයේ නඩුවක් ගොනු කළා 936,000ක් වන ගොවියන්ට මහ කන්නයේ වන්දි ඉල්ලලා. රජය කැබිනට් අනුමැතිය අරන් තිබෙනවා. 936,000ට ආසන්න පවුල් හඳුනාගෙන තිබෙනවා. රුපියල් බිලියන 41ක් ඒ අයට ගෙවන්න ඔ්නී කියලා තීන්දු කරලා තිබෙනවා. ඒ මුදල ඒ පවුල් වලට ගෙවන්න කියලා අපි නඩුවක් ගොනු කළා. නිහඬ විරෝධයක් කරලා ඒ නිහඬ විරෝධයේ අවනඩුව කියන්න ආවා ජනාධිපති මන්දිරය ගාවට. එතනදී අපේ ගොවියන්ට කොහොමද සැලකුවේ? මේ ගොවියන්ට වතුර ගැහුවා. ඒ වගේම ලංකාවේ වැඩිම පාරක් කඳුලු ගෑස් ගැහුවේ ඊයේ. 4 පාරක් කඳුලු ගෑස් ගැහුවා. ඒ ගැහුවෙත් ගොවියන්ට විතරක් නෙවෙයි. පාරේ ගමන් කරන මිනිස්සුන්ටත් ගැහුවා. ඉතින් හරියට කඳුලු ගෑස් ගහන්න දන්නේ නැති පොලීසියක් තමයි ගෝඨාභය රාජපක්ෂගේ මුර බටයෝ බවට අද පත් කරලා ඉන්නේ.
කවුරු හරි හිතනවා නම් ගෝඨාභය රාජපක්ෂ ඉන්න යාන්ත්රනයක් ඇතුලේ මේ රට ගොඩදාගන්න පුලුවන් කියලා, ඒක ජීවිතේට වෙන්නේ නෑ. අපේ යාලුවෝ දෙන්නෙකුත් එහෙම හිතුවානේ. ගෝඨා ෆේල් කියලා කිව්වෙත් අපේ හරීන් මිත්‍රයා. ගෝඨාගේ සාපේ ගැන කිව්වෙත් හරීන් මිත්‍රයා. ඒත් ෆේල් ගෝඨාභයත් එක්ක ලැගලා මේක ගොඩ දාගන්න පුලුවන් කියලා ගිහින් අද ඔවුනුත් අර නරා වලට වැටිලා තිබෙනවා.
ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට ආවේ කවුරු වෙනුවෙන්ද? බැසිල් වෙනුවෙන්. බැසිල් අයින් වුණේ නෑ පසුබැස්සා. උපක්‍රමශීලී පසුබැසීමක් තමයි බැසිල් රාජපක්ෂ කළේ. දැන් නැවත විශාල ජන විරෝධයක් ආණ්ඩුවට යොමු වෙලා තිබෙනවා. දැන් ඒක මැඩලන්න මොකක්ද කරන්න හදන්නේ? කලින් ජන විරෝධය මැඩලන්න කළේ අපි අර ගෙවල් වලින් එළියට යකඩ ඉන්නක් දානවා වගේ රනිල් වික්රමසිංහව දැම්මා. ඒ වෙලාවේ හෙන ගහන්න ඔන්න මෙන්න තිබියදී, බංකර් වල හැංගිලා හිටිය උදවිය රනිල් වික්‍රමසිංහ යකඩේ එළියට දාලා බේරුනා. දැන් ඒ යකඩෙට හෙන ගහන්න අරගෙන. දැන් නැවත රනිල් වික්‍රමසිංහ එළියට දාලා තව සූත්‍රයක් දාන්න හදනවා. ඒකේ මාස්ටර් ප්ලෑන් එකට තමයි ධම්මික පෙරේරාව ගෙනාවේ. ඒ නිසා ධම්මික පෙරේරා කියන්නේ බැසිල් රාජපක්ෂගේ රූකඩයක්. ධම්මිකට වෙනම න්‍යාය පත්‍ර ඇති. නමුත් අද කටයුතු කරමින් සිටින්නේ බැසිල් රාජපක්ෂගේ රූකඩයක් විදියට, යනුවෙන් සඳහන් කළේය.