ජනපති අගමැති ඉවත්වී රට භාර දුන්නොත් රටේ පාලනය හෙටම භාර ගන්නා බවත් වැටි ඇති රට මාස හයක් තුල ගොඩනැගීමට ජාතික ජන බලවේගයට හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (6දා ) රාත්‍රියේ කරන්දෙණිය හිපන්කන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසීය .
රටේ ඩොලර් හිගය නිසා ගෙන්වීමට නොහැකි තෙල් හා ගෑස් ගෙනත් දීමට වැඩපිළිවෙලක් සෑදීමට සිය පක්ෂයට හැකි බවත් මාස හයකින් රට ගොඩගෙන ජනතාවට කැමති කණ්ඩායමකට චන්දයකින් ප්‍රජාතන්ත්‍රවාදිව රට ඉදිරියට පාලනය කිරීමට අවස්තාව සලසන බවත් ටිල්වින් මහතා කිවේය .
එහිදී තව දුරටත් කතා කල ටිල්වින් සිල්වා මහතා මෙසේ ද කිවේය.
පහුගිය කාලයේ කිව්වේ මොකක්ද රට අනතුරක තියෙනවා කියලා කිව්වා .වද කොත්තු තියෙනවා අරක රක මේක කියලා ජාති වාදය අවුස්සලා බලයට ආව.ගෝටාභය ගෙන ආවේ මොකටද .ගොටාභය ගෙන ආවේ රට බේරාගන්න කියලා ගෙනා ගොටාභයගෙන් දැන් වෙලා තියෙන්නේ මොකක්ද ගොටාබයගෙන් රට බේරා ගැනීමට ජනතාවට පාරට බහින්න වෙලා .
දැන් රට බේර ගන්න ගැලවුම්කාරයෝ ඉන්නවාද .මජික්කාරයෝ ඉන්නවාද .තනිමිනිස්සු නැහැ .දියසෙන් කුමාරවරු පහල වෙන්නෙත් නැහැ .කවුරුත් එහෙම හිතන් ඉන්න එපා.මේ නිසා තනි තනි මිනිස්සුන්ට රට ගොඩනගන්න බහ .රට ගොඩනගන්න තනි තිනි මිනිස්සු ගෙන්න එපා අපි ගැන හිතන්නේ අයි අපි කණ්ඩායමක් .ජාතික ජන බලවේගය කියන්නේ තනි කණ්ඩායමක් නෙමෙයි .ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා .ජාතික විද්වත් සංවිධාන ඉන්නවා ,කළා කාරයෝ ඉන්නවා,මහා චාර්යවරු ඉන්නවා .ඒ නිසා අපි ටිම එකක් අපි කණ්ඩායමක් .මෙතන කැපකිරීම කරන්න පලුවන් අය ඉන්නවා .මහන්සි වෙන්න පුළුවන් අය ඉන්නවා .බුද්ධිමතුන් ඉන්නවා.
අපි මේ රට වෙනස් කරනවානම් මුලින්ම සොයන්න වෙන්නේ රට මෙතනට වැටුන හේතුවයි .දැන් අපිට තියෙන ප්රශ්නය මොකක්ද රටට තෙල්, ගෑස් ගෙන්න ඩොලර් නැහැ .රටට ඩොලර් ගේන්නේ කොහොමද රටේ හොරකම දුෂණය නැති කරලා ඩොලර් රටට එන නිෂ්පාදන වැඩිකිරීමෙන් .
මේ රට හදන්න අපිට පුළුවන් .මාස හයෙන් අපි මේ රට හදනවා .ජනාධිපති ගෝටභය රාජපක්ෂ මහත්තයයි අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයයි ඉවත්වෙලා අපිට රට භාර දෙන්න .අපි හෙටම රට භාර අරගෙන රට ගොඩ ගන්නවා .අපිට පුළුවන් මේ රට ගොඩනගන්න .
ජනතාවට අවශ්‍ය තෙල්,ගෑස් සපයලා ජන ජීවිතය හරි ගස්සන්න අපිට පුළුවන් .හැබැයි ඒක කරන්න නම් ජනාධිපතියි අගමැතියි දෙන්නාම ඉවත්විය යුතුමයි ,ඒ අය තියාගෙන මේක කරන්න බැහැ .අපිට රට දුන්නොත් මාස හයෙන් රට ගොඩනගන වැඩපිළිවෙලක් හදනවා .
මාස හයෙන් රට ගොඩ අරගෙන අපි ජනතාවට ආයෙත් රට භාර දෙනවා චන්දයකින් තමන් කැමති කොට්ටාසයක් රට පාලනය කරන්න පත් කර ගැනීමට .වැටි ඇති රට ගොඩගන්න පුළුවන් .ඒ හැකියාව ඇත්තේ අපිට විතරයි .අපේ කණ්ඩායමට විතරයි .
රටක් ප්‍රපාතයට යන්න ප්‍රධානතම හේතුව රටේ හොරකම වංචාව දුෂණය .අපි ආපු ගමන්ම ඒවා නතර කරනවා .මන්ත්‍රී විශ්‍රාම වැටුප නැති කරනවා .මන්ත්‍රීවරුන්ට ලබාදෙන අසීමිත පොලිස් ආරක්ෂාව ඉවත් කරනවා .අපි මන්ත්‍රීවරුන්ට එහෙම වරප්‍රසාද දෙන්නේ ඇයි .දේශපාලනයට එන්න ඕන සමාජ සේවකයෙක් විදිහටයි .එහෙම නැතිව ආදායම් මාර්ගයක් කරගන්න නෙමේ යයි ද ටිල්වින් මහතා කිවේය .
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ පිටිගල ඩි .ජේ.විජේසිංහ