saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 5398 hours ago

LATEST

ත්‍රිකුණාමලය නාවික හමුඳා කඳවුර ජනතාව වටලයි

calendar_today 2022 මැයි 10 - 13:54 remove_red_eye - 2089  

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ උදවිය ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිටින බවට පළවූ වාර්තා අනුව ත්‍රිකුණාමලය ජනතාව මේ වන විට විශාල වශයෙන් එම ස්ථානයට පැමිණෙමින් සිටියි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු පිරිසක් හමුවි තිබේ.

Read More

මයිනාගෝගම සහ ගෝඨාගෝගම අරගල භූමි වෙත එල්ල කල ප්‍රහාරය සැලසුම් කල හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිීඥවරුන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

Read More

හමුදා පාලනයක් ඇතිකිරිම වෙනුවෙන් වූ මාර්ග අවහිර කිරීමට කටයුතු කරන ලෙස හිටප ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනාක කුමාරතුංග මහත්මිය පවසයි.

Read More

අද පෙරවරුවේ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානාවක් මගින් කොළඹ ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සිට සිට පිරිසක් ත්‍රිකුණාමලය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

Read More

අනුරාධපුරයේ සිටින ඥානක්කා නම් කාන්තාවට අයත් බව කියන හෝටලකට ප්‍ර දේශවාසීන් විසින් පහරදී අලාභහානී සිදුකර ඇති බව වාර්තා වෙයි.

Read More

රට මේ වන විට පත්ව ඇති අරාජික තත්ත්වයට විසඳුම් සෙවීම වෙනුවෙන් වහාම පාර්ලිමේන්තුව කැඳවිමට පියවර ගන්නැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. පාර්ලිමේන්තුව නැවතත් කැඳවීමට නියමිතව ඇත්තේ ලබන මස 17 වැනිදායි.

Read More

කොළඹ අරලිය ගහ මන්දිරය අසළ පැවැති නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුුු ගෑස් ප්‍රහාර ඒල්ල කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ. කඳුුුලු ගෑස් ප්‍රහාර එල්ලකිරී‌මේදී ඇතිවූ පිපිරීමකින් පසුව මෙම මරණය සිදුව තිබේ.

Read More

තමන් දේශපාලනයෙන් හම්බකරගත් රුපියලක්වත් නොමැති බවත් උපකාරක පංති පැවැත්වීමෙන් උපයාගත් සියලුම දේපළ ගිනි තබා විනාශ කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා පවසයි. එසේම තමන් දිවි ඇතිතෙක් යළි දේශපාලනයට නොඑන බවත් ඔහු වැඩිදුරටත් සිය ෆේස්බුක් ගිණුමෙන් පවසයි.

Read More

තමන් දේශපාලනයෙන් හම්බකරගත් රුපියලක්වත් නොමැති බවත් උපකාරක පංති පැවැත්වීමෙන් උපයාගත් සියලුම දේපළ ගිනි තබා විනාශ කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා පවසයි. එසේම තමන් දිවි ඇතිතෙක් යළි දේශපාලනයට නොඑන බවත් ඔහු වැඩිදුරටත් සිය ෆේස්බුක් ගිණුමෙන් පවසයි.

Read More

පැය ගණනාවක් අරලිය ගහ මන්දියර තුළ සිරව සිටි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ආරක්ෂක අංශයේ දැඩි ආරක්ෂාවක් මැද එයින් පිටතට ගෙන ඇති බව වාර්තාවෙයි.

Read More

සාමකාමීව අරගලයක යෙදුන මයිනාගෝගම හා ගෝඨාගෝගම අරගලකරුවන් පහරදීම සඳහා ආණ්ඩුවට සම්බන්ධ පිරිස් විවිධ බන්ධනාගාරවල සිරගතව දඩුවම් ලබන පිරිස්ද ගෙනවිත් තිබේ.

Read More

පහර කෑමක් හේතුවෙන් සුළු තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා හොරණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්ත වෙයි. ඔහුව හඳුනා ගැනීමට නොහැකිවූ පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

Read More

කොළඹ අරලිය ගහ මන්දිරය අසළ වෙඩි ශබ්ද කිහිපයක් ඇසුණු බව ඒ අවට රැස්ව සිටින ජනතාව සඳහන් කරයි. කෙසේ වෙතත් අරලිය ගහ මන්දිරය අසළට රැස්ව සිටින ජනතාව පාලනය කිරීමේ අපේක්ෂාවෙන් පොලීසිය විසින් වෙඩි ප්‍රහාර කිහිපයක් අහසට තබා ඇති බව මේ පිළිබඳව කළ සොයා බැලීමකදී වාර්තා විය.

Read More

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (09) රාත්‍රී 7.00 සිට හෙට (10) උදෑසන 7.00 දක්වා බල පැවැත්වෙන පරිදි මුළු දිවයිනටමපනවා තිබූ ඇඳිරි නීතිය 2022-05-11 වන බදාදා උදෑසන 7.00 දක්වා දීර්ඝ කෙරේ.

Read More

අරලිය ගහ මන්දිරය අසළ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුව ආරක්ෂක අංශ විශාල පිරිසක් අරලිය ගහ මන්දිරය වෙත පමිණ තිබේ. කෙසේ වෙතත් එම ස්ථානයට ජනතාව සුළු පිරිසක් පැමිණ සිටියි.

Read More

වීරකැටිය ප්‍රා දේශීය සභාපතිවරයාගේ නිවාස පරිශ්‍රයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි. මෙම සිදුවීමෙන් තවත් පස් දෙනෙක් තුවාල ලබා තිබේ.

Read More

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (09) රාත්රීර 7.00 සිට හෙට (10) උදෑසන 7.00 දක්වා බල පැවැත්වෙන පරිදි මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබේ. බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්රවදානය කරන ලද ලිඛිත අවසර පත්රනයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්යා්නයක, පොදූ ක්රී ඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්රසදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත.

Read More

අග්‍රාමාත්‍ය කාර්යාලය වන කොළඹ පිහිටි අරලිය ගහ මන්දිරය වටලා විශාල පිරිසක් විරෝධය දක්වමින් සිටියි. ඔවුන් පළවා හැරීම වෙනුවෙන් පොලීසිය තෙවැනි අවස්ථාවටත් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Read More

සාමකාමීව විරෝධතා දක්වන ලෙසත් පොදු හෝ පෞද්ගලික දේපළ විනාශ නොකරන ලෙසත් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read More

තංගල්ල කාර්ල්ටන් නිවෙස ඉදිරිපිටදී මේ වන විට විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතාවක් පැවැත්වේ. ආණ්ඩුවට විරෝධය පලකරමින් මෙම විරෝධතාව සිදුකෙරේ.

Read More

අද රාත්‍රී 7 සිට සෑම රාත්‍රියක්ම තමන් අරගල භූමියේ ගත කරන බව පාර්ලමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.

Read More

අද පෙරවරුවේ ගෝල්ෆේස් පිටියේ පැවිත ගෝඨාගෝගමට පහරදීමට පැමිණි පිරිස අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිටි අතර ඔහුගේ නිවස සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් හිටපු නායක මහේල ජයවර්ධන මහතා සඳහන් කරන්නේ් One down and one to GO යනුවෙනි. එසේම මෙය ජනතා බලය යැයි ඔහු පවසයි.

Read More
01 Down - Sanga
9 05 2022 18:07:00

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත්වීම ගාලුමුවදොරදී ප්‍රකාශ කිරීමේ වීඩියෝවක් සිය ට්විටර් ගිණුම හරහා හුවමාරු කරන සංගක්කා ඒ වෙනුවෙන් සටහනක් තබා තිබේ. ඒ 1 down #poeplepower ලෙස සඳහන් කරමිනි.

Read More

කොළඹ අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමට සහභාගි වී ආපසු යමින් සිටි දඹුල්ල නගරාධිපති වරයාගේ නිල රිය බව කියන වෑන් රථයකට මීරිගම අධිවේගී පිවිසුම අසල දී ප්‍රහාරයක් එල්ල වී ඇත.

Read More

රට පාලනය කරන්න හරියාකාර කණ්ඩායමකට අවස්ථාව දෙන්න. විශේෂයෙන්ම තරුණ අයට අවස්ථාව දෙන්න. රට විනාශ කරන්න දෙන්න බෑ. අපි ඔක්කොම එක රටක එක දරුවෝ. සහෝදරයන් පිරිසක් ලෙස ඉස්සරහට යන්. අපි මේ රට ගොඩනගමු

Read More

දිවයින තුල උද්ගතව ඇති හදිසි තත්ත්වය හේතුවන් මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්තමක වන පරිදි සියළුම තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇත.

Read More

රටම ගිනි ගොඩක් බවට පත්ව ඇති අවස්ථාවක පොලීසියේ නිලධාරීන් මේ වන විට සිය කටයුතු නොකරන තත්ත්වයක් දක්නට තිබේ. මාර්ගවල රාජකාරී කරන පොලිස් නිලධාරීන්ගේ අඩුවක් දක්නට තිබේ.බොහෝ මාර්ගවල වාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ.

Read More

කොළඹ ගාලුමෝදර ගෝටා ගෝ ගම සහ මයිනා ගෝ ගම දී ඇතිවූ ගැටුමේදී තුවාල ලද පුද්ගලයන්ගේ 85 දෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් වී ඇතැයි රෝහල් ප්‍රකාශිකාවක් පැවසුවාය කොළඹ ගාලුමෝදර ගෝටා ගෝ ගම සහ මයිනා ගෝ ගම දී ඇතිවූ ගැටුමේදී තුවාල ලද පුද්ගලයන්ගේ 85 දෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් වී ඇතැයි රෝහල් ප්‍රකාශිකාවක් පැවසුවාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.