saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 5403 hours ago

LATEST

ගෑස් ඉල්ලා පොලිම්වල ඉන්න එපා

calendar_today 2022 මැයි 09 - 08:11 remove_red_eye - 593  

ගෑස් ආනයනය කිරිම වෙනුවෙන් අද දිනයේදී ඩොලර් මිලියන 7ක් ගෙවා දැමූ බවත් ඒ අනුව ගැස් රැගත් නෞකා ද්විත්වයක් එළැඹෙන සිකුරාදා හා සෙනසුරාදා දිනයේදී ශ්‍රී ලංකාවට ළඟා වෙනු ඇති බවත් ලි ට්‍රෝ සමාගම සඳහන් කරයි.

පවතින දේශපාලන සහ ආර්ථික අස්ථාවරභාවයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම ගැන සලකා බලන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

යුක්රේනය සන්නද්ධ කිරීමට එක්සත් ජනපදයේ හදිසිය හේතුවෙන්, වසර ගණනාවක් වටිනා ආයුධ තොග නිකරුණේ පිළිස්සී ඇති බවට එරට නීති සම්පාදකයන් චෝදනා කරයි.

Read More

වසංගතය සහ යුක්රේනයේ සිදුවෙමින් පවතින යුද ගැටුම් හේතුවෙන් ’මිලියන ගණනක්’ සාගින්නෙන් මිය යා හැකි බවට ජර්මනිය ලෝකයට අනතුරු අඟවයි.

Read More

වෛද්‍යවරයකුට ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත මත රෝගියකු පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කළ හැක. වෛද්‍යවරයකු රෝගියකු පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කළහොත් ඉන් පසුව අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය රෝහල විසින් නිසියාකාරව අනුගමනය කරනු ලබයි.මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය චෝදනා කරන පරිදි රෝහලේ කිසිම වෛද්‍යවරයකුගේ සේවය අත් හිටුවා නැත.

Read More

ඉතියෝපියානු රජය මෙසේ නවතම ඛණිජ තෙල් නිෂ්පාදන මිල ඉහල දැමීම මාස හතරක මිල ඉහළ දැමීමේ විරාමයෙන් පසුව සිදුකළේය. ඉහළ යන ගෝලීය තෙල් මිල මෙසේ මිල ඉහළ නැංවීමට හේතු වූ බවද ඉතියෝපියානු රජය පවසයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව පසුගිය 05දා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමකින් හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 240කට ආසන්න තොගයක් සමඟ විදේශීය සැකකරුවන් 07දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

හිටපු ජනපති ලූලා ද සිල්වා බ්‍රසීලයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ, වත්මන් ජනපති ජෙයර් බොල්සොනාරෝගේ ෆැසිස්ට්වාදයට අභියෝග කරන බව අවධාරණය කරමිනි.

Read More

විනිශ්චයකාරවරුන්ගේ හෝ අධිකරණවල ආරක්ෂාව ඉවත් කිරීමට හෝ අඩු කිරීමට පොලිස් මූලස්ථානය විසින් කිසිම උපදෙසක් ලබාදී නොමැති බව පොලිස් මූලස්ථානය පවසයි. කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ සිදුවීම පිළිබඳව පැහැදිලි කිරිමක් කරමින් පොලිස් මූලස්ථානය පවසයි.

Read More

පසුගිය කොරෝනා සමයේ රුපියල් 5000 මුදල් ගත්තේ සමෟද්ධි බැංකුවෙන්. ඒ මුදල් බෙදා හැරියේ රජයේ ගෞරවය රැක ගන්නයි . නමුත් ඒවා සුදුස්සන්ට ලැබුණෙත් නැහැ . ඒවා ලැබුණේ කෝටිපතියන්ට. මේ මුදල් විසිපන් ලක්ෂයක් වූ අහිංසක මිනිසුන් විසින් ඉතුරු කර සමෘද්ධි බැංකුවේ තැන්පත් කොට තිබූ මුදල්. එ් මුදල් වලට සිදු වූ දේ පිළිබඳව තාම ගනුදෙනුකරුවන් දන්නේ නැහැ . මේ මජර දේශපාලනයත් සමඟ සමෟද්ධි බැංකුවත් අවසන් ගමන් ගිහින් තිබෙනවා .

Read More

අද දින සිට විදුලි කප්පාදුව දවසකට පැය 10 ඉක්මවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා අසත්‍ය බවත් පද්ධතිය ඒ තරම් ගැටලුවක් නොමැති බවත් විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා පැවැසීය.

Read More

චීනයේ ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව හරහා ඩොලර් මිලියන 100ක හදිසි මූල්‍ය පහසුකමක් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ අවාධානය යොමුව තිබේ. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා දැනටමත් ආරම්භ කර තිබේ.

Read More

බොරැල්ලේදී රියදුරු බලපත්‍රයක් ලබාගත් පොලිස් නිලධාරියෙකුට හා ඔහුගේ සහායට පැමිණ සිට තවත් පොලිස් නිලධාරියෙකුට තර්ජනය කළ තරුණිය ඇතුළු සිවු දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇති ජල විදින යන්ත්‍රය ශ්‍රි ලංකාවට ගෙන්වූයේ පොලිස් විශේෂ කාර්ය බළකාය හරහා සාම සාධක හමුදාවන්හි සේවයේ යෙදවීමට බවත් ඒසේ සේවයේ යෙදවීම හරහා ඒම ජල විදින යන්ත්‍රයට ඒක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වසරකට ඩොලර් 22000ක් ගෙවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.

Read More

ගාල්ල කඩවත්සතර හා තල්පේපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අක්මිමන තල්ගස්යාය ශ්‍රි අශ්වත්ථාරාමාධිපති සද්ධර්මකිර්ති ශ්‍රි මතුගම ගුණරත්න නාහිමියන් විසින් තම විහාරස්ථානයේ පිංකැටයේ තිබු මුදල් හා තම පුද්ගලික මුදල් සමග රුපියල් 25000ක මුදලක් හර්තාලය පැවති ඉකුත් 06 වැනිදින රාජ්‍ය අරමුදලට ලබාදිම සදහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ මහතා වෙත ලබාදෙනු ලැබිය.

Read More

වත්මන් අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 11 නියෝජිතයන් අතර පැවැත්වූ සාකච්ඡාව හා නීතිඥ සංගමය හා සමගි ජන බලවේගය අතර පැවැත්වූ සාකච්ඡා සාර්ථක වී තිබේ.

Read More

ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා ජනපති ෙගා්ඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද පවත්වා තිබේ. කොටුව ජනපති මන්දිර ෙය්දී ෙමම හමුව පැවැත්වෙයි.

Read More

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ බංග්ලාදේශය බලා පිටත්ව ගියේය. නව පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන පළමු තරගාවලිය මෙය වෙයි. ටෙස්ට් තරගාවලිය මීර්පූර් හා ඩකා හිදි පැවැත්විමට නියමිතව තිබේ.

Read More

හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් කරුණු පැහැදිළි කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

නව මහ බැංකු අධිපති ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත්වීමෙන් අනතුරුව ගෙවුණ දින 30ක කාලයේදී මුදල් අච්චි ගැසීම සැලකිය යුතු මට්ටමකින් අඩුවී තිබේ. ඒ අනුව පසුගිය දින 30ක කාලය තුළ මුදල් අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 20.14ක වටිනාමක් පමණි

Read More

(VIDEO) ’’ බුදු අප්පච්චි වදින්නනම් දෙයියනේ කියලා හෙට සුබ මොහොතින් ඔබතුමා තිරණයක් අරගෙන රට බේරලා දෙන්න බුදු අප්පච්චි. ඔබගෙන් ඉල්ලන්නේ එච්චරයි. රට බේරලා දෙන්න. ඔබගෙන් සුබ පණිවිඩයක් බලාපොරොත්තු වෙනවා අපි හෙට උදේට.ඔබතුමා කරා තමයි දැන් ඇති’’

Read More

අද ඩොලර් නෑ. මම ඔබ වහන්සේලාට එක සහතිකයක් දෙනවා අපිට භාර දෙන්න ආණ්ඩුවක්, අපි හදමු ආණ්ඩුවක්, ඔය ජනපතිවරයා භාවිත කරන වාහන අඩුම ගාණේ ඩොලර් මිලියන 2 පනිනනවා. ඒ වාහන කොච්චර තියෙනවද? අගමැතිවරයා ගාව, විපක්ෂනායකවරයා ගාව, අමාත්‍යවරු ගාව, අඩුම ගානේ ඩොලර් මිලියනය ඉක්මවන වාහන විශාල ගණනක් තියෙනවා.අපි මේ වාහන සියල්ල ලංකාවෙන් එළියට විකුණලා ලංකාවට ඩොලර් ගේන සැලසුම හදනවා.

Read More

දිවයින පුරා පවතින ඉන්ධන හිඟය හා ගෑස් හිඟයට විසඳුම් ඉල්ලා ජනතාව අද දිනයේදීද විවිධ ප්‍ර දේශවල විරෝධතාවල නිරත වෙයි. මේ අතරින් කොළඹ ගෑන්ඩ් පාස් හා මහරගම, නාවින්න යන ප්‍ර දේශවල පැවැත්වෙන විරෝධතා සඳහා විශාල ජනතාවක් එක්ව සිටියි.

Read More

හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති කම්හලක ඊයේ (07දා) පස්වරු‍වේ හදිසියේ ගින්නක් හටගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

Read More

තමන් අගමැති ධුරයෙන් ඉවත් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිත පිරිසක් හා පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Read More

’’ප්‍රංශ ජනතාව මට අලුත් කාර්යයක් භාර දී තිබෙනවා’’ ඔහු පැවසීය. ’’මම දන්නවා මම එයට එකඟව ජීවත් විය යුතුයි. එය බිඳෙනසුලු විශ්වාසයක්.’’ ප්‍රංශ නායකයා පැවසීය.

Read More

තමන් වහන්සේලා ජනපති, අගමැති, විපක්ෂනායක ඇතුළු මැති ඇමතිවරුන්ට යොමුකළ ලිපි සඳහා කිසිඳු සාධනීය පියවරක් ගැනීමට අපොහොසත් වි ඇති බවත් ඒ පිළිබඳව සිය බලවත් අප්‍රසාදය පළ කරන බවත් සඳහන් කරමින් තෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා තෙවැනි වතාවටත් ලිපියක් යොමුකර තිබේ.

Read More

එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා සන්ධානය වන නෝටෝව, න්‍යෂ්ටික යුද්ධයක තර්ජනය බැරෑරුම් ලෙස නොසලකන බව එක්සත් ජනපදයේ රුසියානු තානාපති අවධාරණය කරයි.

Read More

ඉන්දියාව විසින් හ්‍රී ලංකාවට ලබාදුන් ණය පහසුකම හරහා ජල ප්‍රහාරක රථ ආනයනය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේ වනවිට වසංගතයේ ගෝලීය මරණ සංඛ්‍යාව පහළ අගයකට පැමිණ තිබුණද, ඔමික්‍රොන් ප්‍රභේදයේ උප ප්‍රභේද විසින් ඇතිකරන අවදානම තවම තක්සේරු කර නැත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.