saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5325 hours ago

LATEST

ඇමෙරිකාවේ සිට තෙදිනකින් ලංකාවට ආපු බෙහෙත් කටුනායක සිට කොළඹට ගේන්න දින 12ක් ගිහින්

calendar_today 2022 මැයි 30 - 10:05 remove_red_eye - 3506  

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ ඖෂධ තොගයක් දින තුනකින් ලංකාවට ගෙන ආවත් එම ඖෂධ තොගය කටුනායක සිට කොළඹට ගෙන ඒම සඳහා දින 12ක් ගතවී තිබෙන අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වී තිබේ.

බලපිටිය වැල්ලබඩ ප්‍රදේශයේදී ඊයේ (29දා) රාත්‍රියේදී පොලිසිය හා පිරිසක් අතර ඇතිවූ ගැටුමකදී පොලිස් නිලධාරියෙක් තුවාල ලබා බලපිටිය මුලික රෝහලට ඇතුලත් කොට ඇත.

Read More

බණ්ඩාරගම අටුලුගම අයේශා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් කීර කොටු කරන පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස් බාරයට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය

Read More

බණ්ඩාරගම අටුළුගම අයේශා දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිබෙන සාක්ෂි රැසක් විනාශ වී ඇතැයි විමර්ශන කටයුතු සිදු කරන උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Read More

මන්කිපොක්ස් යනු සාමාන්‍යයෙන් මෘදු නමුත් බෝවන රෝගයකි. එය සමීප ස්පර්ශයකින් පැතිරෙන අතර, එය ස්වයං-හුදකලා කිරීම සහ සනීපාරක්ෂාව වැනි පියවරයන් හරහා සාපේක්ෂව පහසුවෙන් පාලනය කළ හැකිය.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ 2022 ශූරතාව හිමිකර ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්විය. ඒ අවසන් මහ තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමිනි.

Read More

නේපාල හමුදා හෙලිකොප්ටරයක් අතුරුදන් වූ ජෙට් යානයේ අනතුර සිදුවූ බවට සැලකෙන ස්ථානය හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සියලු පාර්ශ්ව සහාය දිය යුතු බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිය ට්විටර් ගිණුමෙන් පැවැසීය. මහජන විශ්වාසය ප්‍රතිෂ්ඨාපනය කිරීමට හා ආර්ථික ප්‍රකෘතිය නැංවීම වෙනුවෙන් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය බව ඔහු පවසයි.

Read More

තුර්කි නායකයා යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සමගද වෙනම සාකච්ඡාවක් පැවැත්වීමට සූදානමින් සිටියි.

Read More

රාජපක්‍ෂ පවුල සුරකීමේ නාමයෙන් සහ ඡන්දයෙන් විධායක ජනාධිපති විය නොහැකි පුද්ගලයන්ගේ ජනාධිපති සිහිනය සැබෑ කිරීමේ අරමුණින් 21වැනි සංශෝධනය දියාරු කිරීමේ කුමන්ත්‍රණයක වත්මන් රජය නියැළී සිටින බව සමගි ජන බලවේගයේ නායක, විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ගැඹුරු ආර්ථික හා සමාජ වෙනසක් රටට ලබාදෙන බවට පොරොන්දු වූ M-19 ගරිල්ලා ව්‍යාපාරයේ හිටපු සාමාජිකයෙකු වන පෙට්‍රෝ, ජනපතිවරණයේ පළමු වැනි වටයේදී 40.3%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇත.

Read More

පසුගිය මැයි 09දා කොළඹ ගාලුමුවදොර ප්‍ර දේශයේ සිදුවූ පහරදීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 16ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

කුඩා දරුවන් 19දෙනෙකු ඇතුළු ගුරුවරුන් දෙදෙනෙකු පසුගියාද වෙඩි ප්‍රහාරයකට ලක්වූ අතර, මේ වනවිට ඇමෙරිකාව නිරන්තරයෙන් මෙවැනි ම්ලේච්ඡ ක්‍රියාවන්ට ප්‍රසිද්ධියක් උසුලන රටක් බවට පත්ව තිබේ.

Read More

අද අපේ රටෙි ප්‍රධාන ප්‍රශ්න ආර්ථික ක්ෂේත්‍රයට පමණක් සීමා වෙලා නැහැ.ඒ වගේම දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා.යළිත් 19 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම එක ප්‍රශ්නයක්.ඒ පිළිබඳව දැන් අපි පක්ෂ නායකයන් හැටියට 21 වෙනි සංශෝධනය සකස් කරගෙන යනවා.

Read More

මුල්‍ය කාරක සභාවේත් අධීක්ෂණ කාරක සභා 10ත් සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තුවේ පසුපෙල මන්ත්‍රීවරුන් පත්කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ඉන්ධන අර්බුදය හමුවේ දිවයින පුරා අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය අඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා සතොසට නව ඉන්ධන පිරවුම්හලක් ලබාදීම අද (29) වනදා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

Read More

දේශපාලනඥයන්ගේ අවශ්‍යතා මත පොලීසිය තුළ සිදු කළ සියලු මාරු කිරීම් සහ පත් කිරීම් වහාම අහෝසි කොට සුදුසුකම් මත කුසලතා මත අදාල නිලධාරීන් පත්කොට වහාම පොලිස් දෙපාර්තුමේන්තුව ප්‍රතිසංවිධානය කරන ලෙස පොලිසිය භාර අමාත්‍යවරයාත් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් තමනුත් පොලිස්පතිවරයාට පැහැදිලි උපදෙස් දුන් බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ඉකුත් සතියේ රු 300 මිලකට අලෙවි වු රතු සීනි කිලෝවක් රු 320 කටත් , රු 300 ක මිලකට අලෙවි වු සුදු සිනි කිලෝවක් රු 330 මිලකටත් මේ වන විට අලෙවි වෙමින් පවති.

Read More

පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ උද්ගතව ඇති ගැටළුවලටදිය හැකි විසඳුම් පිළිබඳව විද්වත් වෘත්තිකයන්ගේ යෝජනා ලබා ගන්නා බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

පළාත් පාලන ඡන්දය කල් දැමීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බවත් එය ඉතා පැහැදිලි බවත් පළාත් සභා, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

ලුණුගම්වෙහෙර, කැන්දගස්මන්කන්ද ගම්මානයේ චීනයේ දායකත්වය මත ඉදිකරන අපේක්ෂාවේ ගම්මානය සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොන් මහතා ඇතුළු පිරිසක් මුල් ගල් තැබීය.

Read More

නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් පෞද්ගලික ගුවන් යානයක් පුද්ගලයන් 22 දෙනෙකු සමග අතුරුදන්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

මෙවර අ.පො.ස සාපෙළ විභාගයේ විද්‍යාව හා ගණිතය යන විෂයන් සදහා 74 වැනිවියේ පසුවන නෙළුව කළුබෝවිටියන ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රදාස ගොඩගේ මහතා ඉල්ලුම්කොට තිබු අතර ඔහු විද්‍යා විෂය සදහා ‌ඊයේ (28) වැනි දින පෙනී සිටි අතර හෙට (30දා) දින ගණිතය විෂය සඳහා නෙළුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයේ දි පෙනී සිටී.

Read More

දේශපාලන වහා පුද්ගලික වාසි වෙනුවෙන් ඇමතිකම් ගත්තානම් තමන් අද මුදල් ඇමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවැසීය. එසේම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනිම වෙනුවෙන් තවත් 50කට පමණ අමාත්‍යධුර පිරිනැමිමේ සූදානමක් ඇති බවත් ඔහු පැවැසීය.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

Read More

ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල යළිත් වරක් ඉහළ ගොස් තිබේ. මේ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 1කින් එසේත් නොමැතිනම් ඩොලර් 1.18කින් ඉහළ ගොස් ඩොලර් 118.58ක් බවට පත්ව තිබේ.

Read More

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව එහිදී අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කිරීමට නියමිතය.

Read More

මිලේච්ඡ ලෙස ඝාතනයට ලක්වූ අටලුගම ෆාතීමා අයීෂා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට තමන් පොරොන්දු වන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් හෙට (30දා) දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

Read More

රුසියාව හා යුක්රේනය අතර යුද්ධය ආරම්භ වී මේ වන විට මාස තුනකට අධික කාලයක් ගතව තිබේ. එය යුද්ධය හේතුවෙන් මේ දක්වා රුසියානු සෙබලුන් 30000කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇතැයි යුක්රේනය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.