පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ශක්තිමත් කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලය සහාය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්ම පාර්ලිමේන්තුවේ ප්රජාතන්ත්රවාදය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලය සහාය ලබා දෙන බව පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) මහලේකම්,( Stephen Twiggs ) ස්ටීවන් ට්විග්ස් පවසයි.
ඔහු මේ බව පැවසුවේ 2023.01.11 අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදීය..
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහි මෑත කාලීන ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඔහු සිය දැඩි කනස්සල්ල පළ කළ අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ගේ සහ කාර්ය මණ්ඩලයේ ප්රජාතන්ත්රවාදය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා CPA වෙතින් සහාය ලබා දෙන බව කීය.
පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා ලබා දෙන පුහුණු වැඩසටහන් වලට පළාත් පාලන ආයතනවල සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලය ඇතුළත් කිරීමට හුවමාරු සහ පුහුණු වැඩසටහන් පුළුල් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීම පිළිබඳව සොයා බැලීමට ද ඔහු එකඟ විය.
විශ්ව විද්‍යාල සිසුන්ට කෙටි කාලයකට ග්‍රාමීය ප්‍රදේශවලට ගොස් ග්‍රාමීය පාසල්වල ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමට උපකාර කිරීම සඳහා එක්සත් රාජධානියේ සීමාවාසික පුහුණුව යලි ආරම්භ කිරීම සඳහා සහාය වන ලෙස ද අග්‍රාමාත්‍යවරයා ඔහුගෙන් ඉල්ලා සිටියේය.
වසර 91කට පෙර සර්වජන ඡන්ද බලය හඳුන්වාදීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ වෙස්ට්මිනිස්ටර් ආකාරයේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය වර්ධනය වීම පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා දැනුවත් කළ අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ස්තුතිය පළ කළේය.
ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාව පිළිබඳව ඔහු නියෝජිත පිරිසට කරුණු දැක්වූ අතර මහලේකම්වරයා කියා සිටියේ යෝජිත විශ්ව විද්‍යාලයට පොදුරාජ්‍ය මණ්ඩලයේ නිල ප්රඥප්තිය යටතේ සහය ලබා දෙන්නේ කෙසේදැයි තමා සොයා බලන බවයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහ පළාත් පාලන ආයතනවල කාන්තා සහ තරුණ නියෝජනය ඉහළ නැංවීම සඳහා යෝජිත ප්රතිසංශෝධන වැඩසටහන් පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.
පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියා කලාපය නුදුරේදීම ශ්‍රී ලංකාවේ විවෘත කරන බව ට්විග්ස් මහතා කීය. ආසියා කලාපය ව්‍යවස්ථාදායක අටකින් සමන්විත වේ - පකිස්ථානය, ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ මාලදිවයිනේ ජාතික පාර්ලිමේන්තු මෙන්ම පාකිස්ථානයේ උප-ජාතික ව්‍යවස්ථාදායකයන් ද ඇතුළුව. CPA ආසියා කලාපය අන්තර් කලාපීය වශයෙන් වැඩසටහන් ගණනාවක් සිදු කරයි. පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කලාපය පුරා ඉතා ක්‍රියාකාරී වන බව ඔහු පැවසීය. CPA ආසියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පිහිටා ඇත.

popular news
-
Kumar Wednesday, 11 January 2023 04:18 PM
chandadayakayinta polu thiyala paarey yannath bayeda inney. apey nagaraye inna Californiawey mahajana niyojithyo munthrana sabhawata shabagiwenn gaman karnney dumriyen.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

