පිටකොටුව, බැස්ටියන් මාවත බස් නැවතුම්පොල ආසන්නයේ අද (30දා) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ අංක 285, කැලේදිවුල්වැව, මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පදිංචි ලක්ෂිත විරාජ් ලියනගේ නම් 30 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
අරගලය සාමකාමී විරෝධතා ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු සහ යුටියුබ් නිර්මාණකරුවෙකු වන රතිඳු සේනාරත්න හෙවත් &රැට්ටා* මීට ටික වෙලාවකට පෙර කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreගෘහස්ථ ගෑස් සැපයිම නැවතත් හෙට (31දා) ආරම්භ කරන බව ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි. කිලෝ ග්‍රෑම් 12.5, කිලෝ ග්‍රෑම් 5 සහ කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩර 50,000 ක් හෙට (31දා) පස්වරුවේ සිට නිකුත් කිරීමට නියමිත බවත් ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
Read Moreමාස දෙකකට පසු නැවතත් පෙරේදා (28දා) ආරම්භ කළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව කාර්මික දෝෂයක් හේතුවෙන් අද (30දා) ක්රියාවිරත වූ බව වාර්තා වේ.
Read Moreශ්‍රි ලංකාව තුළ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් නොකරන බව එම බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්යක්ෂ ෆරීස් එච්. හදාද් - සාවෝ (Faris H. Hadad-Zervo) මහතා පවසයි.
Read Moreඋපාධි සහිත දරුවන් සේම උපාධි නොමැති දරුවන් සඳහාද රටේ අනාගතයත් තිබිය යුතු බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreඅද (30දා) සහ ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ පවතින වැසි සහ සුළං තත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
Read Moreහිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිෂම මගින් යළිත් වරක් නඩු පවරා තිබේ.
Read Moreවිදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ මෙරට සිටින මැලේසියානු මහ කොමසාරිස් ටැං යැං තායි මහතා අතර හමුවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවති අතර එහිදී මැලේසියානු රැකියා ඉලක්ක කරගත් විශේෂ පුහුණු මධ්‍යස්ථානය කඩිනමින් පිහිටුවීම ගැන අවධානය යොමු කළේය.
Read More21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡාවක් පැවැත්වීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
Read Moreදුම්රියේ වෙන් කළ ආසන සදහා වන ගාස්තු ජුනි මස පළමු වැනිදා සිට සියයට තිහකින් ඉහළ දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඝාතනයට ලක්ව ඇති අවුරුදු 9ක් වයසැති අටලුගම ෆාතිමා අයේෂා දැරිය අතවරයට ලක්ව නොමැති බව පශ්චාත් මරණ පරීක්ෂාවේ අණාවරණය වී තිබේ.
Read Moreයතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනකු එම යතුරුපැදියද සමග මිහින්තලයේ පිහිටි මහකනදරා වැවට අද(30දා) අලුයම පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් පැදිකරු ජීවිතක්ෂයට පත්ව පසු පැදිකරු තුවාල ලබා ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.
Read Moreඉන්ධන පිරිමැස්ම සඳහා රටටම ආදර්ශක් ලබා දෙමින් බදුල්ල මහ නගරසභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා , නාගරික කොමසාරිස්වරයා සහ ඉංජිනේරුවරයා ඇතුළු කාර්යමණ්ඩලයේ පිරිසක් රාජකාරි ගමන් සඳහාද පාපැදිය යොදාගෙන තිබේ.
Read Moreකපුටට බය නම්, එයා ඇමති මණ්ඩලයේ මුදල් ඇමති ලෙස වාඩි වෙලා ඉදිද්දී තමයි අපි සටන් කළේ. දැන් කපුටත් එක්ක සටනක් නෑ. පිහාටු ගැලවිලා තියෙන්නේ.
Read Moreදින තුනක් තිස්සේ අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුර මහවැලි ගඟේ තිබි අද (30දා) හමු වු බව නාවලපිටිය පොලිසිය පැවසිය.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරය සඳහා හිටපු අමාත්‍යවරයෙක් වන සාගල රත්නායක මහතා පත්කොට තිබේ. අග්‍රාමාත්‍යවරයා පසුගියවර අග්‍රාමාත්‍යධුරය දරණ සමයේද කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළේ සාගල රත්නායක මහතායි.
Read Moreරාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශය (MSD) හෙට (31) පෙ.ව 10.00 ට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා ඇතැයි පාර්ලිමේන්තුව නිවේදනය කරයි.
Read Moreයාපනය කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරාගැනීමට තමිල්නාඩු දේශපාලන නායකයින් උත්සාහ ගැනීම උතුරේ දෙමළ ජනතාවට මෙන්ම ධීවරයින්ට සිදුකරන දැඩි අසාධාරණයක් බවට දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ වූ ප්ලොට් සහ ටෙලෝ පක්ෂ නායකයින් පවසා සිටිති.
Read Moreහිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා හා ඔහුගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මිය අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියහ. ඒ ඔවුන් දෙදෙනාට එරෙහිව පවතින නඩු දෙකක විභාග කටයුතු වෙනුවෙනි.
Read Moreතමන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේ මහින්ද රාජක්ෂ මහතාගේ පහරදීමක් නිසා බවට තමන් පැවැසුවේ යැයි සඳහන් කරමින් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසයි. තම ට්විටර් ගිණුම හරහා සංගා මෙම ප්‍රකාශය සිදුකරයි.
Read Moreමුලතිව් මුල්ලිවයික්කාල් සිට කෝකිලායි දක්වා වූ මුහුදු තීරයේ මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරත ධීවර බෝට්ටු 2000 කට දින 20 කින් පමණ ඉන්ධන නොලැබීම හේතුවෙන් එම ධීවරයින්ගේ මත්ස්‍ය කර්මාන්තය නැවතී දැඩි පීඩාවන්ට පත්ව සිටිති
Read Moreයාපනය සිරුපිඩ්ඩි ප්‍රදේශයේදී යතුරුපැදියක් ඊයේ (29දා) සවස අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තරුණයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවට අච්චුවේලී පොලීසිය පවසයි.
Read Moreඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක පමණ මුදලක් ලබා දෙන බව කොළඹ සිටින ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය වන චියෝ කන්ඩා මහත්මිය ප්‍රකාශ කළා ය.
Read More2022 ජුනි මාසය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පෙට්‍රෝලියම් නිෂ්පාදන අවශ්‍යතාව සම්පූර්න කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 554ක අවශ්‍යතාවක් පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreහැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය ගෑස් නිසි පිලිවෙලකට බෙදා හැරිම සදහා එම පිරිස් ලියාපදිංචි කිරිම අද (30දා) හැටන් ඩංබාර් ක්‍රිඩා පිටියේදි පැවැත්විණි.
Read Moreකොළඹ, පිටකොටුව බැස්ටියන් මාවතේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා තිබේ.
Read Moreඅවිස්සාවේල්ල සිට දංකොටුව තඹරවිල ප්‍රදේශයේ පිහිටි ඇඟඵම් කර්මාන්තශාලාවකට රෙදි ප්‍රවාහනය කල කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ ගමන්කල ලොරි රථයක් අද (30දා) අඵයම දංකොටුව යෝගියාන මන්සන්ධිය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන ඒ අසල තිබූ පාලමේ පැති බැම්ම කඩාගෙන ඇළට පෙරලී ඇති බව දංකොටුව පොලීසිය පවසයි.
Read Moreමම යම් රැස්වීමක ඉන්න කොට, අමාත්‍යවරු හතර පස් දෙනෙක් එක්ක. මට යම් පණිවිඩයක් ආවා රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමක් ගැන. මම කිව්වා මේ වෙලාවේ වැටුප් නොලබන මිනිස්සුන්ට කියලා අපිටත් ගුටිගස්සන්න ලෑස්ති වෙන්න සුදුසු නෑ මම කලින් කියපු කැටගරි වලට ප්‍රවාහන දුෂ්කරතා සමනය කිරීමේ දිමනාවක් ලබාදීම සුදුසු කියලා.
Read More