මහරගම අපේක්ෂා රෝහල ඇතුළු වූ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ප්‍රධාන පෙළේ රෝහල් 15 ක පමණ පිළිකා රෝගය සඳහා බහුලව භාවිතා කරනු ලබන අත්‍යවශ්‍ය පිළිකා නාශක ඖෂධ වර්ගවල උග්‍ර හිඟයක් ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි.
"මහරගම අපේක්ෂා රෝහල ඇතුළු වූ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ප්‍රධාන පෙළේ රෝහල් 15 ක පමණ පිළිකා රෝගය සඳහා බහුලව භාවිතා කරනු ලබන අත්‍යවශ්‍ය පිළිකා නාශක ඖෂධ වර්ගවල උග්‍ර හිඟයක් තිබෙනවා. මේ වන විට වෛද්‍ය විද්‍යවේ දියුණු ප්‍රතිකාර ක්‍රම මගින් සුව කළ හැකි පිළිකා වර්ග ගණනාවක් තිබෙනවා.
එසේ වුවත් එම ප්‍රතිකාර නියමිත කාල සටහනට අනුව ලබා නොදීමෙන් අපේක්ෂිත සාර්ථකත්වය අත්පත් කරගත නෙහෙැක එහෙත් අද වන විට බොහෝ පිළිකා රෝගීන්ට නියමිත කාල සටහනට අනුව ප්‍රතිකාර කිරීමට නොහැකි වීම නිසා එම රෝගීන් දහස් ගණන් ජීවිත දැඩි අවදානමකට ලක්වී ඇත. උක්ත කාරණය පිළිබඳ ඔබගේ කඩිනම් අවධානය යොමුකොට පිළිකා රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ අදාල රෝහල්වලට ලබා දීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටිමු." යැයි ඔහු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලිපියක් යොමුකරමින් පවසයි.