ඉදිරි මැතිවරණයට අපි සුදානම් වගේම එයින් විශිෂ්ඨ ජයග්රහනයක් ලබාගන්නා බවත් ශ්රි ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (12දා) බදුල්ලේදි පැවසීය.
බදුල්ල දිස්ත්රික්යේ පළාත් පාලන ආයතන 18ක් සදහා ශ්රිලංකා පොදුජන පෙරමුණ විසින් දිස්ත්රික් මැතිවරණ කාර්යාලයට පැමිණ ඇප මුදල් තැන්පත් කිරීමෙන් පසු සාගර කාරියවසම් මහතා පැවසීය.
තවදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා මෙසේ පැවසීය.
අපි ජන්දයේදි බැදිලා ඉන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ නියමයන් හා නියෝගයන් අනුව කටයුතු කිරීමටයි යහපාලන ආණ්ඩුව මැතිවරණ කල්දාද්දී අපේ පක්ෂය එදා මැතිවරණ ඉල්ලා උසාවි ගියා ජනතාවගේ ප්රජාත්රන්ත්රවාදය වෙනුවෙන් අපි පෙනී සිටිනවා අපි එදත් අදත් හෙටත් ජනතාවගේ මතයට ඇහුම්කන් දෙනවා. පසුගිය මැතිවරණයේදි අපේ පක්ෂයෙන් ජන්දය ඉල්ලපු අය මෙවර ජනතාවට කොකා පෙන්වලා වෙනත් පක්ෂයක් වටා එක්වී තිබෙනවා ඒ පක්ෂයට ඕනි වෙලා තියෙන්නේ හැමෝම නායකයෝ වගේ ඉන්න එතන නායකයෙක් නෑ හැම කෙනාම නායකත්ව සිහිනයක ඉන්නවා.
අපිට කැබිනටි එක මොනවා කීවත් කමක් නෑ එදා රාජ්යා පරිපාලන ලේකම් දිස්ත්රික් ලේකම්ලාට යවපු ලිපිය ඒ මොහොතේම ඉවත් කරගෙන තියෙනවා ඒ අය මොනවා කළත් අපි ජන්දයට සුදානම් මෙවර පොහොට්ටුව විශිෂ්ඨ ජයක් ලබනවා යැයි පොහොට්ටුවේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ඇප තැන්පත් කිරීමේ අවස්ථාවට රාජ්ය ඇමති තේනුක විදානගමගේ,බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි සුදර්ශන දෙනිපිටිය,සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා ඇතුලු දිස්ත්රික්කයේ පළාත් පාලන ආයතන වල ප්රධානීන් ඇතුලු අපේක්ෂකයින් සහාභාගි වූහ.
ලුණුගල ප්රසන්න පත්මසිරි
