දුම්රිය සේවකයන් විශ්‍රාම යාම හේතුවෙන් දුම්රිය ගමන් වාර විශාල සංඛ්‍යාවක් අවලංගු කළ බවට වාර්තා වූ තොරතුරු අසත්‍ය බවත් යම් ගමන් වාර සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවූ බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ උපදේශක කාරක සභාව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවදේ රැස්වූ අවස්ථාවෙදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.
මෙසේ අවලංගු කිරීමට සිදුවූ දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි ගමන්වාර සංඛ්‍යාවක් නොවන බවද අමාත්‍යවරයා මෙහිදී පැවැසුවේය.
කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩි සංචාරකයන් පිරිසක් පැමිණි හෙයින් ඉන්ධන ප්‍රවාහනය සඳහා වැඩි දුම්රිය සංඛ්‍යාවක් යෙදවීමට සිදුවූ බවත් ලබන පෙබරවාරි මාසයේදී නව දුම්රිය කාලසටහනක් සකස් කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.