නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකාරවරයෙක් පොලිස් අත්අඩංගුවේ සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
මෙම සහකාර කළමනාකාරවරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් හෙරොයින් ග්‍රෑම් 15කට ආසන්න ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කරන විට ඔහු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඇතිවූ සිදුවීමක් හේතුවෙන් සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදි ජීවිතක්ෂයට පත්ව තිබේ.
එසේම මෙම සිදුවීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
අවුරුදු 41ක් වයසැති හික්කඩුව පදිංචිකරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර මරදාන පොලීසිය සිදුවීම ගැන පරීක්ෂණ පවත්වයි.