පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත දඹගල්ල පොලීසිය මඟින් තඹාන තලාව ප්රදේශයේ ඊයේ (11දා) සිදුකළ වැටලීමකදී වියළි ගංජා කිලෝ 07 ග්රෑම් 610ක් ලඟ තබාගෙන සිටි 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවටගෙන ඇත.
රුවල්වෙල තඹාන පදිංචි සැකකරු හිටපු හමුදා සෙබලෙකි.
දඹගල්ල පොලිස් ස්ථානාධිපති ජී.එස්.අයි ගිනිගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත. සැකකරු සහ ගංජා තොගය සියඹලාණ්ඩුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි.
මොනරාගල සුමනසිරි ගුණතිලක