එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්ධුරයෙන් තමා ඉවත් කිරීමට ගත් තීරණය අත්හිටුවන්නැයි ඉල්ලමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සන්ධානයට එරෙහිව පැවරූ නඩුවේ විරෝධතා ඇත්නම් ලබන පෙබරවාරි 23 වැනිදා ඉදිරිපත් කිරරීමට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට කොළඹ දිසා විනිසුරු පුර්ණීමා පරණගම මහත්මිය අද (11දා) නියම කළාය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්ධුරයෙන් තමා ඉවත් කිරීම එහි ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ පෙත්සම කැඳවනු ලබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරිය එසේ නියම කළාය.
මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය, එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතා, දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, මහතා ඇතුළු ඇතුපිරිසක් වගඋත්තරකරුවන් වශයෙන් නම් කොට ඇත.
මහින්ද අමරවීර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්ධුරයෙන් ඉවත් කිරීම එක්සත් ජනතා නිදහස් සන්ධාන ව්‍යවස්ථාවට පටහැනි හෙයින් ඔහු සන්ධානයේ ප්‍රධාන ලේකම්ධුරයෙන් ඉවත් කිරීම වළකාලන නියෝගයක් මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි පැමිණිල්ලෙන් ඉල්ලීමක් කොට ඇත.