saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5185 hours ago

LATEST

නන්දලාල් නැවතත් මහ බැංකු අධිපති

calendar_today 2022 ජුනි 29 - 16:14 remove_red_eye - 1907  

නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස නැවතත් පත් කරන ලෙසට නිර්දේශ කර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 2.5 කිලෝමීටර් කණුව ආසන්නයේ රක්ෂිතයට යාබද වෙල් යායක ඉතා සූක්ෂම ලෙස මහා පරිමාණයෙන් නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ගෝඩා මිලිලීටර් නව ලක්ෂ හැටදහසක් නීති විරෝධී මත්පැන් මිලිලීටර් තිස් තුන්දහසක් උපකරණ තොගයක් සමග පුද්ගලයකු අද (29දා) අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි .

Read More

කරාපිටිය ශික්ෂණ රෝහලේ වාහන සංචිතයේ ඇති කිසිම රථයකට ඉන්ධන නොමැති බව එහි ප්‍රවාහන අංශයේ සේවකයෝ පවසති.

Read More

ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ හදාද් සර්වෝස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

Read More

වයඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ.එම්.යූ.කේ. ජයසිංහ මහතා පත් කර කිබේ.

Read More

මොරටුව කටුබැද්ද හන්දිය අසල සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් තිබේ.

Read More

බදුල්ල දුම්රිය ස්ථානය ඉදිරිපස ,දෙයියන්නෙවෙල මාර්ගයේ දී සහල් පැටවූ ලොරි රථයක් අද (29දා) දහවල් ගිලාබැසීමට ලක්විය . පිටපසු රෝද 2ක් ගිලාබැසීමට ලක්වීමත් සමග බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් ලොරි රථය පෙරලීම වලක්වා සහල් තොගය ඉවත්කිරීමට සමුපකාරය කටයුතු කළේය .

Read More

මන්නාරම් මුහුදු තීරයෙන් නීතිවිරෝධීව මුහුදු මගින් යාත්‍රවක් ඔස්සේ ඉන්දියාවට ගිය වයෝවෘද්ධ අඹුසැමි යුවලක් සිහිමුර්ජා වී රාමේෂ්වරම් ධනුස්කොඩි මුහුදු වෙරලේ වැටී සිටියදී ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් විසින් ඊයේ (28දා) දින බේරාගනු ලැබීය.

Read More

නීතිවිරෝධී අයුරින් ශ්‍රීලංකා මුහුදු සීමාවේ සිට විදෙස් රටවලට සංක්‍රමණය වීමට ගත් පුද්ගලයින් 500 කට අධික පිරිසක් මේ වසරේ ගතවූ මාස 06 ක කාලය තුලදී නාවික හමුදා භාරයට ගෙන නීතිමය පියවර ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

චීනය විසින් ප්‍රදානය කරනු ලබන සහල් මෙට්‍රික් ටොන් 1000ක් අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට භාර දෙනු ලැබිණි.

Read More

වැලිකන්ද කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන කඳවුරේ රැඳවියෙකු අද (29දා) උදෑසන අභිරහස් ලෙස මරණයට පත් වීමත් සමග එම කඳවුරේ සිටින රැඳිවියන් සහ හමුදාව අතර අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ .

Read More

එළඹෙන මහ කන්නයට ජලය ලබා දීමට වැව් 20 ක් කඩිනමින් සංවර්ධනය කෙරේ. ඉන් වැව් 11 ක් ජලය මුදා හැරීමට දැනට සම්පූර්ණයෙන්ම සංවර්ධනය කර ඇති අතර ඉතිරි වැව් 9 හි සංවර්ධන කටයුතු අවසන් අදියරේ පවතින බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

අත්‍යඅවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන ලෙස දැනුම්දීමත් සමඟ ඉන්ධන නිකුත්කරනු ලැබූ අම්බලන්තොට ඉන්ධන පිරවුම්හල් දෙකක දැඩි පෝලිම් දක්නට ලැබිණි.

Read More

2022 පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සෘණ 1.6ක් බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව 2021 වසරේ පළමු කාර්තුව හා සැසදීමේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදිතය සියයට 1.6කින් පහළ ගොස් තිබේ.

Read More

දර්ගා නගරයේ අයි.ඕ.සී ඉන්ධන හලේ ඊයේ (28දා) රාත්‍රී ලොරි රථයකට ඩීසල් ලබා ගැනීමට කුලී පදනම මත පෝලිමේ සිටි පුද්ගලයෙකු ඉන්ධන හල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය හරහා පාර මාරුවීමට යාමේදී අලුත්ගම දෙසින් වැලිපැන්න දෙසට ගමන් ගත් ටිපර් රථයක ගැටී මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය පවසයි.

Read More

ටෙක්සාස් හි ට්‍රක් රථයක පසුපස ටේලර් කොටසේ සිටියදී හමුවූ සංක්‍රමණිකයන්ගේ මරණ සංඛ්‍යාව 51ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

පන්විල, මඩු කැලේ ප්‍රදේශයේ නිවසක සුරතල් මසුන් ඇතිකරන පොකුණකට වැටීමෙන් අවූරුදු 3ක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි.

Read More

නේටෝ සන්ධානයේ සමුළුවට පෙරාතුව රොස්කොස්මොස් බටහිර තීරණ ගැනීමේ මධ්‍යස්ථානවල ඛණ්ඩාංක ප්‍රකාශයට පත්කළේය.

Read More

අත්පිට මුදල් ගෙවා ඉන්දියාවෙන් පෙට්‍රල් හා ඩීසල් ආනයනය කිරිමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇතැයි ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරයි.

Read More

කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ බැංකුවක බෝම්බ බියක් සමග සන්නද්ධ සැකකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

යුක්රේනය විසින් ක්‍රිමියානු අර්ධද්වීපයට ප්‍රහාරයක් එල්ල කිරීම තෙවැනි ලෝක යුද්ධයකට තුඩු දිය හැකි බවට හිටපු රුසියානු ජනපති දිමිත්‍රි මෙද්වෙදෙව් අනතුරු අඟවයි.

Read More

ජුලි මස 10 දා සිට ඉන්ධන අඛණ්ඩව ලබාදීමේ වැඩසටහනක් සකස් කර ඇති බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසිය.

Read More

එක්සත් ජනපදය තුළ 2020-21 පාසල් වර්ෂයේ පාසල් වෙඩි තැබීම් වසර 20කට පසු වැඩිම සංඛ්‍යාව දක්වා ඉහළ ගොස් ඇති බව අඟහරුවාදා නිකුත් කරන ලද නව වාර්තාවක් පවසයි.

Read More

රටේ පවතින ආර්ථික ගැටළු හේතුවෙන් ලිංගික වෙළඳාම සඳහා කාන්තාවන් යොමු වීම ඉහළ ගොස් තිබෙන බවත් ඒ හේතුවෙන් අදාළ පරීක්ෂණ මවුවරුන්ට පමණක් නොව සැක සහිත ලිංගික හැසිරීමක නිරත වූ සියලු දෙනා සිදුකර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවද වෛද්‍යවරයා අවධාරණය කරයි .

Read More

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද 22වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කර ඉදිරි දින කිහිපය තුළ ව්‍යාවස්ථානුකුලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිස්සංකරණ අමාත්‍යආචාර්ය විජයදාස රජපක්ෂ මහතා පැවසීය. පනත් කෙටුම් පත ගැසට් පත්‍රයක්මගින් ප්‍රසිද්ධියට පත් කර දින හතක් ගිය පසු පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය

Read More

කොරියානු රැකියා සඳහා ගිවිසුම් හිමි වූ ශ්‍රි ලාංකිකයින් 188 දෙනෙකු අද දින (2022.06.28) රාත්‍රියේ දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි. මෙම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත්ව යන 721 වන කණ්ඩායමයි.

Read More

ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයෙන් මිදීම සඳහා කටාර් එනර්ජි සමාගමේ සහාය හා කටාර් සංවර්ධන අරමුදලේ සහාය ඇතිව ඛනිජ තෙල් නිශ්පාදන, එල්.පී.ජී. හා එල්.එන්.ජී. ලබාගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡ කර තිබේ.

Read More

අතුරු වෛද්‍ය සේවාවලට අයත් පිරිස් සේවයට වාර්තා කිරීමේදී ඇති වී තිබෙන ඉන්ධන ගැටලු, ප්‍රවාහන ගැටලු විසඳීම සඳහා බලධාරීන් වැඩපිළිවෙළක් සකස් නොකිරීමට විරෝධය දක්වා හෙට (29දා) සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක් සිදුකරන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 20 ක අතිරේක ආධාරයක් ලබාදෙන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේය. අද පැවති ජී 7 සමුළුවේදී ඇමෙරිකානු ජනපතිවරයා මේ පව නිවේදනය කළේය.

Read More

ආණ්ඩුව රට තල්ලුකරගෙන ගොස් ඇත්තේ බරපතළ ඛේදවාචකයක් වෙත බවත් මීට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.