saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5194 hours ago

LATEST

තෙල් සොයන්න කංචන කටාර් රාජ්‍යයට

calendar_today 2022 ජුනි 27 - 17:01 remove_red_eye - 479  

මෙරටට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (27දා) රාත්‍රියේ කටාර් රාජ්‍ය බලා යෑමට නියමිත බව වාර්තා වෙයි.

තමන්ට රට භාර දෙන්නේ නම් මාස හයකින් රට ගොඩ නගන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇති බවත් එසේනම් සියලු දෙනා එකතු වී මාස තුනකින් රට ගොඩනගමු යැයි යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

Read More

මඩකලපුව කොක්කුව්ල් පොලිස් බලප්‍රදේශයේ ඌරණිහි ඉන්ධන පෝලිමක පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් තිදෙනෙකු බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ශණ රෝහලට ඇතුලත් කල බවට කොක්කුව්ල් පොලිස් ස්ථානාධිපති උපුල් ප්‍රෂාද් විමලරත්න මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අක්කර 500 ක බඩ ඉරිඟු වගාවක් ආරම්භ කිරීමට කටයුතු සිදුකර ඇති අතර එහි පලමුවෙනි අදියර ලෙස අද (27දා) තඹුත්තේගම පිහිටි නිරාවිය යුධ හමුදා ගොවිපලේ අක්කර 100 ක ප්‍රමාණයක බඩ ඉරිඟු වගාවක් ආරම්භ කිරීමට කටයුතු කරන ලදී.

Read More

විදුලි බිල වැඩිකිරීම හරහා ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 512ක ආදායමක් අපේක්ෂා කරන බවත් ඔහු පැවැසීය.

Read More

මාතර, අකුරැස්ස, තිබ්බටුවාව ප්‍රදේශයේ අද (27දා) උදැසන පුද්ගලයෙකුගේ ගෙල ලගින් හිස පෙදෙස කපා නිල්වලා ගගට දැමු පුද්ගලයෙක් සොයා විමර්ශණයක් ආරම්භකොට ඇති බව අකුරැස්ස පොලිසිය පවසයි.

Read More

රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එරට බලා යාමට නියමිත බව වාර්තා වේ.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඇමෙරිකානු රජයේ ඉහළ මට්ටමේ දූත පිරිස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ.

Read More

මීගහකිවුල කරමැටිය වැව්පිටිය ගම්මානයේ අයියා මලෝ දෙදෙනෙකු එක්ව කලක් තිස්සේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා එහි තිබූ කසිප්පු මිලි ලීටර් 45000 ක් ඇතුළු භාණ්ඩ තොගයක් අද (27දා) දහවල් අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.

Read More

නාමල් රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා තෙල් සංස්ථාවේ ඇමතිතුමා එක්ක වාඩි වෙනකොටම මේ තෙල් නැවටත් මේ ආනිසංසය වෙන විත්තිය අපි දැනගත්තා.දැන් මිනිස්සු එකක් තේරුම් ගන්න ඕන දැන් රටේ තෙල් නෑ. ඊළඟට විදුලි බල ස්ථානවලට යම් තෙල් ප්‍රමාණයක් තියෙනවා. මේ අර්බුදයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු අය තාමත් නිදැල්ලේ. නිදැල්ලේ විතරක් නෙවෙයි. තාමත් ජනාධිපති ධූරය උසුලනවා. ඒ වගේම තෙල් සංස්ථාව පාලනය කරන්න යනවා. විදුලිබල මණ්ඩලය පාලනය කරන්න යනවා.

Read More

හිටපු පාතාල කල්ලි ක්‍රියාකාරිකයකු වූ එස්. දයානන්ද නොහොත් කොට දයා නැමැත්තාගේ මළ සිරුර ඇරව්වල රත්න මාවතේ දෙමහල් නිවසක ඇඳක් පාමුල වැටී තිබියදී අද (27දා) සොයාගත් බව මහරගම පොලිසිය පවසයි.

Read More

රටේ පවත්නා ඖෂධ හිඟය සහ ඉන්ධන හිඟය නිසා මහජනතාව ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Read More

මෙරට භූමියේ අවශ්‍ය කැනීම් සිදුකර ගෑස් සහ බොරතෙල් ලබාගැනීම සඳහා සවිස්තරාත්මකව තොරතුරු ඇතුළත් කරන ලද මාර්ග සිතියමක් සකස් කරන ලෙස කෝපා කමිටුව විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

Read More

පියවි ඇසින් නිරීක්ෂණය කල හැකි අප සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක පහකි. ඒවා නම් බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සහ සෙනසුරු ය. වසරේ එක් එක කාලයෙ දී මෙම ග්‍රහලෝක වෙන වෙනම රාත්‍රී අහසේ නිරීක්ෂණය කල හැකි අතර, මෙම දිනවල විශේෂයක් වන්නේ මෙම ග්‍රහලෝක 5ම එකම රේඛාවක එකවර අහසේ නිරීක්ෂණය කල හැකි වීමයි.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා විසින් කෝප් කමිටුව වෙත ඉදිරිපත් කරන ලද ලිපිය පදනම් කරගෙන කෝප් කමිටුව විසින් තීරණ කිහිපයක් ගනු ලැබූ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි (මහාචාර්ය) චරිත හේරත් මහතා පැවසීය.

Read More

බදුල්ල ලිට්‍රෝ ගෑස් නියෝජිත ආයතනයට ගෑස් එනතෙක් පාරිභෝගිකයින් දැනට දින විස්සක් තිස්සේ හිස් සිලින්ඩර් යකඩ වැටක පෝලිමට තබා දම්වැල්වලින් ගැටගසා තිබෙන අයුරු දක්නට ලැබේ.

Read More

හමබන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගමට බදු දීමෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ක මුදල චීන එක්සිම් බැංකුව ලබාදුන් සහනදායි ණය ගෙවීම වෙනුවෙනට ඉහළ පොලී අනුපාත යටතේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශීය ණය (විශේෂයෙන්ම ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර) ගෙවීමට යොදාගෙන ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. මේ හරහා චීනය විසින් ශ්‍රී ලංකාව බටහිර ණය උගුලකින් බේරාගෙන ඇති බවද චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට භූමිතෙල් රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

Read More

තමිල්නාඩුවේ පොන්ඩිචේරි, කාරෙක්කාල් වරායන්වල සිට කන්කසන්තුරේ වරාය දක්වා භාණ්ඩ නැව් සේවාවක් ආරම්භ කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබාදී ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් ප්‍රකාශ කරයි.

Read More

ඉන්ධන මිල ඉහල දැමීමට සමගාමිව ප්‍රවාහන ගාස්තුව සියයට විස්සත් තිහත් අතර ප්‍රමාණයකින් වැඩි කිරීමට තමන්ට අනිවාර්යයෙන්ම සිදුවෙන බවත් වැඩිවන ප්‍රතිශතය නිශ්චිතවම ජුලි මස පළමු වැනිදා අනිවාර්යයෙන්ම ප්‍රකාශයට පත්කරන බවත් සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා අද (27දා) අම්බලන්ගොඩ සිය සංගම් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය .

Read More

ඇමරිකාව ශ්‍රීලංකාවට එරෙහිව දමා ඇති නඩුව ජපානයට එල්ලකල පරමානු බෝම්බය හා සමාන බවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී පැවසීය.

Read More

පවතින දැඩි ඉන්ධන හිගය හේතුවෙන් අඩාල වී ඇති ගමනාගමනයට විසඳුමක් වශයෙන් යාපනය දිස්ත්‍රීක්කයේ අශ්ව සහ ගව කරත්ත ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

Read More

පසුගිය මැයි මස 9 වෙනි දින ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී ගම්පහ , උඩුගම්පොල පිහිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලුතපොල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නැදලගමුවේ ධමමජින්න නාහිමි අද (27දා) උදෑසන බාරවූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.

Read More

කොවිඩ් 19 වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා සොයාගත් වඩාත්ම වේගයෙන් ව්‍යාප්ත වන මෙන්ම ප්‍රතිශක්තිය මග හැරිය හැක දරුණු කොවිඩ් ප්‍ර ‌භේදයක් සොයාගෙන ඇතැයි ශ්‍රීජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමෙන් ඔහු පවසන්නේ BA5 ලෙසින් හඳුන්වන මෙම ප්‍ර භේදය මේ දක්වා රටවල් 63 කින් හඳුනාගෙන ඇතත් ශ්‍රී ලංකාවෙන් තවමත් වාර්තා වී නොමැති බවයි.

Read More

අවුරුදු 5ට අඩු ළමයින් සිටිනා මව්වරුන්ට විදේශ රැකියා සදහා පිටත්ව යෑමේ බාධාව ඉවත් කිරීමට මෙවර කැබිනට් මණ්ඩලයේදී අවධානය යොමුකර ඇති බව හිටපු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

Read More

ඉන්ධන හල් ඉදිරිපිට තෙල් පෝලිම් වල දින ගණනාවක් නිදිවර්ජිතව සිටින අයට උත්තේජකයක් ලෙස ලබාදීමට ප්‍රධාන පෙලේ මත ද්‍රව්‍ය තුනක් ගමන් මල්ලක බහා රැගෙන යමින් සිටි අයෙකු ඊයේ (26දා) රාත්‍රියේදී ගොනපිනුවලදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවටගත් බව බටපොළ පොලිසිය කියයි

Read More

මොනරාගල පොලිස් කොට්ඨාසය තුළ පදිංචි සිව්දෙනෙකු ඉකුත් 26 වෙනිදායින් අවසන්වූ සතියක් තුළ සියදිවි හානි කරගෙන මියගොස් ඇතැයි මොනරාගල රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

Read More

සියවසකට වැඩි කාලයකට පසු පළමු වතාවට රුසියාවට සිය විදේශ ණය පැහැර හැරීමට සිදුව තිබේ. රුසියාවට ඩොලර් මිලියන 100 ක ණයක් ගෙවීමට මුදල් තිබුණත් රුසියාවට ඒරෙහිව පනවා ඇති සම්බාධක නිසා ඔවුන්ට ජාත්‍යන්තර ණය හිමියන්ට ගෙවීම් කිරීමට නොහැකිවීමෙන් මෙසේ වසර 100කට පසුව රුසියාව ණය ගෙවීම් පැහර හැරි රටක් බවට පත්ව තිබේ.

Read More

බහාලුම් ප්‍රවාහන රථ ගාස්තු ඉහළ දැමීමට සමස්ත ලංකා ඒක්සත් බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. මේ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 10කින් ඉහළ නැංවීමට නියමිතය. ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව මෙසේ බහාලුම් ප්‍රවාහන ගාස්තුද ඉහළ නංවා තිබේ.

Read More

නිව්යෝක් ෆෙඩරල් රිසර්ව් බැංකුවේ හිටපු සභාපති බිල් ඩඩ්ලි, මෑත බ්ලූම්බර්ග් මත ප්‍රකාශයක කියා සිටියේ ඉදිරි මාස 12 සිට 18 දක්වා කාලය තුළ ඇමෙරිකාවේ ආර්ථික අවපාතයක් ’’නොවැළැක්විය හැකි’’ බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.