විපක්ෂයේ සිටියදී සොනික් සොනික් ලා පිලිබඳව කථා කළ පුද්ගලයන් අද වන විට ආණ්ඩුවට ගොස් ටොනික් ටොනික් වී ආණ්ඩුවේ සොනිල් සොනික්ලා සමග වාඩිවී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
"පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයත් අමතක කරන්න බෑ. ඒ ත්‍රස්ත ප්‍රහාරය සිදුවෙලා අවුරුදු කිහිපයක් වෙනවා. මේ ආණ්ඩුව බලයට ආවොත් සාධාරණත්වය ඉටු කරනවා කියලා.
අපේ පැත්තේ හිටපු අය සොනික් සොනික්ලා ගැන කථා කළා අද දැන් සොනික් සොනික්ලා එක්ක ටොනික් ටොනික්ලා වාඩි වෙලා ඉන්නවා.
සලේ ලව නිලන්ත ජයවර්ධනලව රජයේ සාක්ෂිකරුවෝ කරලා තියෙනවා.මට පේනනේ නෑ ආණ්ඩුව මේ ප්රශ්නය විසදන්න කටයුතු කරන්නේ නැ. දෙවියන්ගේ ආශීර්වාදය තුළ සත්‍ය කවදා හරි හෙළි වේවි."