මේ වන විට නිසි ලෙස ගල් අගුරු නැව් නොරෝච්චෝල ලක් විජය බලාගාරයට නොලැබිම හේතුවෙන් ඉදිරි වසරේ විදුලිය නිෂ්පාදය දැඩි අවිනිශ්චිත බැරැරුම් තත්වයකට මුහුන පා ඇති බව ලක්විජය බලාගාර කළමණාකාර නාලක විජේකොන් මහතා පවසයි.
බලාගාර කළමණාකරවරයා වැඩි දුරටත් පවසා සිටියේ ලක්විජය බලාගාරය ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් සියයට 40 කට වැඩි නිෂ්පාදන දායකත්ව බලාගාරයක් වන බවයි.
එසේම ලංකාවේ ප්‍රධාන විදුලි ධාරිතාව රැගෙන යන ප්‍රධාන බලාගාරයද නොරෝච්චෝල ලක්විජය බලාගාරය වේ.
එසේම වාර්ෂීකව මෙම බලාගාරයෙන් රටට ගිගාවෝට් 5400 ක් රටට ලබා දිම සිදු බවත්ය.එසේ විශාල ධාරිතාවයක් ලබා දීමට ගල් අගුරු ටොන් මිලියන දෙකක් පමන අවශ්‍යයි. ඒ සඳහා ගල් අගුරු නැව් 38 ක් වාර්ෂීකව අවශ්‍යයි.
එම නැව් වලින් අඩක් මේ වන විට පැමිනිම අනිවාර්ය කරුණක්. එයට හේතුව වාරකන් කාලයට පෙර ගල් අගුරු නැව් 38 ක ගල් අගුරු තොග නොරෝච්චෝල ගල් අගුරු බලාගාරය භුමියට ලගා වි ගොඩ බැම අවසන් කල යුතු බව බලාගාර කළමණාකරවරයා පැවසීය.
වාරකන් කාලය නැවත පටන් ගන්නේ 2023 අප්‍රේල් මාසයෙ ඒ වන විට සියලු ගල් අගුරු ගොඩ බා අවසන් වීම අනිවාර්යයි.එසේ වන්න නම් මේ වන විට අඩුම තරමින් එයින් අඩක් බලාගාර භුමියට ගොඩබැම සිදුවිය යුතුයි.නමුත් මේ වන විට අපිට ලැබි ඇත්තේ ගල් අගුරු නැව් හතරක් පමනයි.තව එක නැවක් පැමිනිම සිදුවෙනවා එය තාමත් ලගා වි නැහැ.
මේ තත්වය අනුව එළඹෙන වසර තුලදී ලක්විජය බලාගාරය නිපදවන සමස්ත විදුලි ධාරිතාවය නිපදවිම දැඩි අවිනිෂ්චිත තත්වයකට පත්වෙලා.
මොකද ඉතිරි ගල් අගුරු නැව් ප්‍රමානය පැමිනියත් අපිට තිබේන පහසුකම් අනුව ඉතිරි නැව් 34 ක ගල් අගුරු ගොඩ බැමට හැකියාවක් නැහැ.
අපිට තිබෙන පහසුකම් අනුව මසකට ගල් අගුරු නැව් හයක් පමන තමා ගොඩ බෑමේ හැකියාව තිබෙන්නේ.ඒ නිසා එළඹෙන වසර තුළදි අපේ බලාගාරයෙන් ගිගාවෝට් 5400 ලබා දෙන්න හැකියාව අහිමි වෙනවා.
මේ නිසා 2023 වසරේ දී රට තුළ දැවැන්ත විදුලි අර්බුදයක් ඇති විමේ බරපතල අවධානමක් මේ වන විට නිර්මාණ වී අවසන් ව තිබනවා යැයි ඔහු සඳහන් කළේය.
