සිවුර ඇදගත් පමණින් ධර්මයට විරුද්ධව කටයුුතු කිරීමට අවස්ථාවක් නොමැති බවත් පැවිද්දන් ලෙසින් විශ්වවිද්‍යාලට එන බොහෝ පිරිසක් පිටව යන්නේ ගිහියන් ලෙස බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
“අපිටත් තිබෙනවා ප්‍රශ්න ගණනාවක් අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම මම අවධාරණය කළේ මේ විශ්වවිද්‍යාල වල ඉන්න භික්ෂුන් වහන්සේලා ගැන. මම දැක්කා එදා එවැනි භික්ෂුනමක් අපේ මල්වතු හෝ අස්ගිරි මහා නායක හිමියන්ට බනිනවා. දොස් කියනවා. කොහොමද මේවා කරගෙන යන්නේ.
අපිට අහන්න තියෙනවා කථාවක් මේ අය භික්ෂූන් වහන්සේලාද වෛතුල්‍යවාදීන්ද? සිවුර දාගත්තා කියලා ඒකෙන් විශේෂ ආරක්ෂාවක් ගන්න බෑ ධර්මයට විරුද්ධව ක්‍රියා කරන්න.
අපි ඇත්ත කථා කරමු. විශාල සංඛ්‍යාවක් විශ්වවිද්‍යලයට ඇතුළත් වෙනවා පැවිද්දන් හැටියට. අවසන් වෙන්නේ ගිහියන් හැටියට. ඉස්සෙල්ලා තීරණය කරන්න ඕන පැවිද්දන් විදිහට ආවොත් අපි උපාධිය දෙන්නෙත් පැවිද්දන් හැටියට. විශ්වවිද්‍යාල ඇතුළේ හැසිරීම කථිකාවන් තුළට ඇතුළත් කරන්න ඕන. ”