බෙල්ලන්විල ධම්මරතන හිමිගෙන් ළමා රෝහලට ඖෂධ තොගයක්
රුපියල් ලක්ෂ නවයක් පමණ වටිනා ඖෂධ තොගයක් බෙල්ලන්විල රාජමහා විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී .විජේසූරිය මහතා වෙත ඊයේ (28දා) පරිත්යාගකෙරිණි.
සිංගප්පූරුවේ බෞද්ධ පුස්තකාලයේ සාමාජික සාමාජිකාවන් හා බොදු බැතිමතුන් පිරිසකගේ මූල්‍යමය දායකත්වයෙන් මෙම ඖෂධ ලබාගත් බව උන්වහන්සේ ප්‍රකාශ කළහ. කුඩා දරුවන්ට ආසාදනය වන විෂබීජ වලක්වාලීම සඳහා යොදන මෙම ප්‍රතිජීවක ඖෂධය ළමා රෝහලට අත්‍යවශ්‍යව තිබූ බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය. විවිධ අපහසුතා මධ්‍යයේ වුවද අත්‍යවශ්‍ය සෞඛ්‍ය පරීක්ෂණ සිදු කරන අතර කලක් ජීවත් විය හැකි ළමුන්ට දෙන වෛද්‍ය ආධාර ලොකුම ආයෝජනයක් බව හෙතෙම සඳහන් කළේය.
මෙම අවස්ථාවට ළමා රෝග විශේෂඥ වෛද්‍ය රසික ගුණපාල, වෛද්‍ය සැලසුම් නිලධාරී වෛද්‍ය සවිත්‍රි ධර්මරත්න, පරිපාලන නිලධාරී පී.ජී. විජේසිංහ, ප්‍රධාන හෙදි පාලක මානෙල් හරිශ්චන්ද්‍ර, බෙල්ලන්විල විහාරස්ථ දායක සභාවේ සභාපති කිංස්ලි කුමාර පතිරගේ, උප ලේකම් එල්. එස්. වනිගසිංහ, භාණ්ඩාගාරික සනත් කංකානම්ගේ සහ පරාක්‍රම ඩයස් යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.
දෙහිවල එච් එම් ධර්මපාල

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
