ශ්‍රී ලංකාව චීන “ණය උගුලකට” හසුව ඇති බවට බටහිරින් එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවට විදේශ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි ප්‍රතික්ෂේප කිරීම චීනය පිළිගන්නා බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් සඳුදා පැවැසීය.
චීන විදේශ අමාත්‍යාංශය නිතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවේදී යොමුකල ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
ශ්‍රී ලංකාව අරමුදල් සොයා චීනයට යන විට චීනය ගෞරවාන්විතව කටයුතු කළ බවත් කිසිවිටෙක ශ්‍රී ලංකාවට මුදල් ගැනීමට බල නොකළ බවත් අලි සබ්රි මහතා පවසා තිබේ. චීනය ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකම් සහ ණය පහසුකම් මෙන්ම මානුෂීය ආධාර කිහිපයක් ද ලබා දුන් බව පවැසූ විදේශ අමාත්‍යවරයා තවදුරතට පැහැදිලි කළේ චීන ණය උගුල පිළිබඳ කථාව බටහිර වාක්‍ය ඛණ්ඩයක් බවයි.
චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන සහය කිසිවිටෙකත් කිසිදු දේශපාලන අරමුණකින් පැමිණ නොමැති බවත් චීනය ශ්‍රී ලංකාව තුළ කරන ආයෝජනවලින් සහ මූල්‍යකරණයෙන් කිසිවිටෙක ආත්මාර්ථකාමී දේශපාලන වාසි අපේක්ෂා නොකරන බවත් ප්‍රකාශකයා පැවැසීය.
"ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග සම්බන්ධයෙන් චීනය අවධනය යොමුකර තිබෙනවා. ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කර ඒවා නිසි ලෙස විසඳීමට අදාළ මූල්‍ය ආයතනවලට සහය දක්වනවා. අපගේ හැකියාව ඇති තාක් කල් අපි ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට සහයෝගය ලබා දෙනවා. " ඔහු පැවසීය.
මෙම වසරේ චීන-ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 65 ක් සපිරෙන අතර රබර්-සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය සනිටුහන් කරන අතර, අතීත ජයග්‍රහණ ගොඩනඟා ගැනීමට සහ නැවුම් ප්‍රගතිය සඳහා ක්‍රියා කිරීමේදී එය ඉතා වැදගත් බව ෂාඕ සඳහන් කළේය.
චීනය ශ්‍රී ලංකාව සමඟ සාම්ප්‍රදායික මිත්‍රත්වය, උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීම, ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීම සහ පුළුල් කිරීම සහ දෙරටට වඩා හොඳ ප්රතිලාභ ලබා දීම සඳහා චීන-ශ්‍රී ලංකා උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය තහවුරු කර පුළුල් කිරීමට චීනය ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන බවද ඔහු පැවසීය.