ඕමානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස කටයුතු කළ එදිරචාරිගේ කුෂාන් නැමැත්තා ලබන 13දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් නන්දන අමරසිංහ මහතා අද (29දා) නියෝග කළේය .
ඒ ඕමානයේ සුරක්ෂා නිවසේ රඳවා සිටින කාන්තාවන්ට ලිංගික අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
ඔහු අද (29දා) ඕමානයේ සිට ගුවනින් මෙරටට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනිණි.