පාසල් සිසුන් ප්‍රවාහනය කරනු ලබන රථ වාහනවලට කිව්.ආර්.කේතයෙන් ලබාදෙන ඉන්ධන පමාණය වැඩි නොකරන්නේ නම් වාර විභගවලට පාසල් සිසුන් රැගෙන ඒමෙන් වළකින සිදුවන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා අද (14දා) අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
වාර විභාග සඳහා පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමට තමන්ට ගමන් වාර කිහිපයක් ප්‍රවාහනය කිරීමට සිදුවෙන බවත් මේ සඳහා ලබා දැනට දෙනු ලබන ඉන්ධන ප්‍රමාණය ඒ සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවීම මෙයට හේතුව බවද රුවන් මහතා කීය.
වාර විභාග නොපැවෙත්වෙන දින වලදී පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමට සිය රථ පවාහනය කරනුයේ සීමිත ගමන් වාර ගණනක් බවත් එහෙත් වාර විභාග ශ්‍රේණි ශ්‍රේණි සඳහා පැවැත්වෙන බැවින් වෙනදාට වඩා වැඩි ගමන්වාර ගණනක් ප්‍රවාහනය කිරීමට සිදුවෙන බවත් රුවන් මහතා කීවේය.
එබැවින් මේ සඳහා අවශය ඉන්ධන තමන්ට නොලැබේ නම් වාර විභාගවලට පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමෙන් වැළකීම හැර අන් වෙනත් විකල්පයක් නැති බවද රුවන් මහතා කීවේය.
සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ ජාතික සංවිධායක රුවන් ප්‍රීති කුමාර මහතා ද මෙහිදී අදහස් දැක්වීය.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත