saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5131 hours ago

LATEST

සාමකාමි බල හුවමාරුවක් සඳහා දේශපාලන නායකයන්ට ඉඩ දෙන්න - BASL

calendar_today 2022 ජුලි 13 - 20:35 remove_red_eye - 1338  

සාමකාමී බල හුවමාරුවක් සඳහා දේශපාලන නායකයන්ට ඉඩ සලසන ලෙසත් අත්පත් කරගෙන ඇති පරිශ්‍රවලින් ඉවත්ව අදාළ අංශ වෙත එම ආයතන වහාම භාරදෙන ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය අවසන් අනුමැතිය ලබා දීමෙන් පසු අගෝස්තු මාසයේදී ඩොලර් බිලියන 1.2 ක මුදලක් පළමුව පාකිස්තානයට ලැබීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පාකිස්තානය ඩොලර් බිලියන 7ක මූල්‍ය පහසුකමක් අපේක්ෂා කරන අතර එය ලබන වසරේ ජුනි දක්වා අදියර වශයෙන් ලබාදිමට නියමිතය.

Read More

වහාම රටතුළ නීතිය හා සාමය පරිපූර්ණ ලෙස ස්ථාපිත කරන ලෙස වැඩබලන ජනපතිවරයාගෙන් හා ආරක්ෂක අංශ වලින් දැඩිව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට සූදානම් බවද එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වැඩබලන ජනපති ‍ ලෙස පත්කර ඇති රනිල් වික්‍රමසිංහ මහතාටද එම ධුරයෙන් ඉවත් වන ලෙසට දැන්වීමට අද පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදි තිරණය කර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය කාර්යාලය අසල විරෝධතාවය අතරතුර තුවාල ලැබූ පුද්ගලයන් 30ක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

Read More

ත්‍රිවිධ හමුදාවත් පොලිස්පතිතුමත් කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා ඉදිරි ජනපතිවරයා පත්කර ගන්නා තුරු ගන්නා ක්‍රියාමාර්ග පක්ෂ නායක රැස්වීමක් පවත්වා අපිට දැනුම් දෙන ලෙස. එහි තීරණ ජනතාවට ප්‍රකාශ කිරීමට නියමිතයි. විශේෂයෙන්ම තරුණ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ තත්ත්වය ඔවුන් විසින් ප්‍රකාශයට පත්කරලා ඊළඟ ජනපතිවරයා පත්කර ගන්නා තෙක් රටේ සාමය පවත්වාගෙන යන්න ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට සහාය දෙන්න.

Read More

රට තුළ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් වර්ධනය වීම වැළැක්විම සඳහා වැඩබලන ජනපති ලෙස පත්ව ඇති රනිල් වික්‍රමසිංහ මහතා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රීධුරයක් හිමි පුද්ගලයෙක් අග්‍රාමාත්‍යධුරයට පත්කිරීමෙන් අනතුරුව දැන් එම පුද්ගලයාම දැන් වැඩබලන ජනපතිධුරයට පත්කිරීමත් රාජපක්ෂ පන්නයේ ප්‍රජාතන්ත්‍රවාදය බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට පිටත්ව ගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් අනතුරුව සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිත බව මාලදිවයිනේ වාර්තා උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

Read More

නීතිය හා සාමය පවත්වාගෙන යාමට ආරක්ෂක අංශ වෙත සහාය දක්වන ලෙසත් නීතිය හා සාමය ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් තමන් ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන් බවත් වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

Read More

කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අරගලකරුවන් සිය ග්‍රහණයට ගෙන තිබේ.

Read More

ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. එම රූපවාහි පරිශ්‍රයට අරගලකරුවන් පැමිණිමත් සමග ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ජනපති තමන්වෙත දුරකතනය හා සම්බන්ධවෙමින් ප්‍රකාශ කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.

Read More

වැඩබලන ජනපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරිමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටත් රටින් පිටත්ව යාමට ඉන්දියාව පහසුකම් සැලසූ බවට වාර්තා වන තොරතුරු තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

Read More

කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අසළට විශාල ලෙස යුද හමුදාව කැඳවා ඇති බව වාර්තා වෙයි. හමුදාව එම ප්‍ර දේශවලට පැමිණෙන ආකාරය දැක්වෙන වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වෙයි.

Read More

මේ වන විට මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට තවත් රටකට යාමට අදහස් කරගෙන තිබෙන බව බී.බි.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

Read More

බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමටත්, මුළු රටටම හදිසි නීතිය පැනවීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය ක්‍රියාත්මක වෙයි. එසේම කළහකාරී ලෙස හැසිරෙන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබේ.

Read More

කොළම මල්පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට රැදී සිටි පිරිසක් පළවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

කොළඹ ගෝල්ෆේස් පිටියට රැස්ව සිටි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයකින් පසුව කැපුම් තුවාල සහිතව සිව් දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව දරුණුතම අර්බුදයකට පත්කර රටින් පිටව ගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මාලදිවයිනේ රැකවරණය හෝ සරණාගභාවය ලබානොදෙන ලෙස එරට ජනතාව මේ වන විට මාලදිවයිනේ රජයට බලකරමින් සිටින බව වාර්තා වෙයි.

Read More

ගුවන් ගමන් ද්විත්වය සඳහා රුපියල් මිලියන 5.3 ක මුදලක් (රුපියල් 5,302,700) මුදල් වශයෙන් ගෙවන ගෙවීමට හිටපු අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට වන ලිපිය අද(13දා) දිනයේ ලැබුණු පසු ඒ සම්බන්ධයේ ප්‍රකාශයක් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

Read More

අරලියගහ මන්දිරයේ සහ ජනාධිපති මන්දිරයේ දේපළවලට සිදුව ඇති බවට පැවැසෙන විනාශකාරී ක්‍රියා පිළිබඳ වූ වාර්තා සම්බන්ධයෙන් තමන් අතිශයින් අවධානය යොමු කරන බවත්, මෙම ගොඩනැගිලිවල භාරකාරත්වය නිසි බලධාරීන්ට ලබා දෙන බවට සහතික වන ලෙස මෙම පරිශ්‍රවල සිටින පුද්ගලයන්ගෙන්ප ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

Read More

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයකුට හිමි බලතල ප්‍රකාරව, පවතින රජයේ ඉල්ලීමකට අනුව, ආක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය යටතේ, කටුනායක ගුවන් ගුවන්තොටුපොළේ ඇති ආගමන විගමන, රේගු යන ආයතනවල නීතිවලට යටත්ව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයින බලා රැගෙන ගිය බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීවරයෙකු මෙසේ පිටත්ව ගොස් තිබේ. ඔවුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටොනෝව් - 32 ( ඒ.එන්.- 32 ) වර්ගයේ ගුවන් යානයකින් අද අලුයම 01.45 ට පමණ මාලදිවයින බලා කටුනායක ගුවන් හමුදා කදවුරෙන් පිටත්ව ගොස් තිබේ .

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදා ජෙට් යානයකින් මාලදිවයිනේ මාලේ අගනුවර වෙත පිටත්ව ගොස් ඇති බව බී.බී.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

Read More

එක්සත් ජනපද ආර්ථික අවපාතය හමුවේ ඉහළ යන අභියෝග වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවට IMF අනතුරු අඟවයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් රටෙන් පිටවීමට පැමිණි අවස්තාවෙදි ආගමන හා විගමන නිලධාරින් විසින් ඔහුට රටින් පිටත්විම සඳහා අනුමැතිය ලබාදිම ප්‍රතික්ෂේප කර ඇති බවට ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා පළවන පුවත්වල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසයි.

Read More

ඔහු මෙම ගනුදෙනුවෙන් ඉවත්වීමේ උපාය ’’කුහකත්වයේ ආකෘතියක්’’ ලෙස හඳුන්වමින් අධිකරණ වෙත ට්විටර් සමාගම ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ දැක්වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.