saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5126 hours ago

LATEST

ඇමෙරිකානු ආර්ථිකය ගැන IMF අනතුරු අඟවයි

calendar_today 2022 ජුලි 12 - 23:30 remove_red_eye - 1457  

එක්සත් ජනපද ආර්ථික අවපාතය හමුවේ ඉහළ යන අභියෝග වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවට IMF අනතුරු අඟවයි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් රටෙන් පිටවීමට පැමිණි අවස්තාවෙදි ආගමන හා විගමන නිලධාරින් විසින් ඔහුට රටින් පිටත්විම සඳහා අනුමැතිය ලබාදිම ප්‍රතික්ෂේප කර ඇති බවට ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා පළවන පුවත්වල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසයි.

Read More

ඔහු මෙම ගනුදෙනුවෙන් ඉවත්වීමේ උපාය ’’කුහකත්වයේ ආකෘතියක්’’ ලෙස හඳුන්වමින් අධිකරණ වෙත ට්විටර් සමාගම ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ දැක්වෙයි.

Read More

දුෂිත හා ජන පීඩක ආණ්ඩුවකට එරෙහිව මහජන නැගී සිටීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හෙට (13) දින සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට අරගලකරුවන් අවස්ථාව දී ඇති බැවින්, එවැනි අවස්ථාවක් ලබාදී තිබියදීත් තවදුරටත් දේශපාලන කුමන්ත්‍රණ සිදුකිරීමට නොයා සාමකාමීව ඉල්ලා අස්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ගන්නා ලදලද පළමු වැනි පූර්ණ වර්ණ අධෝරක්ත ඡායාරූපය ප්‍රසිද්ධියට පත්කර තිබේ.

Read More

ඇමෙරිකාවට පිටත්වීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලිමක් ඇමෙරිකාව විසින් ‌ප්‍රතික්ෂේප කර ඇති බව කොළඹ ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය වාර්තා කරයි.

Read More

බොරිස් ජොන්සන් වෙනුවට කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව තරඟය සඳහා අපේක්ෂකයින් අට දෙනෙකු ඉදිරිපත්ව සිටින බව කියයි.

Read More

2022 පළමු භාගයේදී චීනයේ මුළු ආනයන හා අපනයන වසරින් වසර 9.4%කින් ඉහළ ගොස් තිබේ.

Read More

ජනපතිධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපියට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්සන් තබා ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් ජනපතිවරයා සිටින තැනක් තවමත් නිශ්චිතව ප්‍රකාශ නොවේ.

Read More

මේ වසරේ ජූනි මාසයේදී පමණක් රැකියා සඳහා 27937 දෙනෙකු විදේශ ගතවී ඇති අතර, ඉන් බහුතරය වූ 18083 විදේශ ගතවී ඇත්තේ ස්වයං මාර්ගයෙනි. බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් ජූනි මාසයේදී 9854 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අභාවය වෙනුවෙන් මෙරට ජපාන තානාපති කාර්යාලයට පැමිණ අද (12දා) සටහනක් තබා ශෝකය පළ කළේය.

Read More

තිරිගු පිටි මිල ඉහළ යාම නිසා පාන් ගෙඩියක (ග්‍රෑම් 450) මිල අද(12දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 20 කින් සහ සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

Read More

කොරියානු රැකියා සඳහා ගිවිසුම් හිමි වූ තවත් ශ්‍රි ලාංකිකයින් 110 දෙනෙකු අද දින (12දා) දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි. මෙම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත්ව යන 724 වන කණ්ඩායමයි.

Read More

රට තුළ දැනට පවතින ඉන්ධන සපයා ගැනීමේ සීමාවන් හේතුවෙන් තම කාර්ය මණ්ඩලයට සේවයට වාර්තා කිරීම පිළිබඳව මතුව ඇති ගැටලු කාරී තත්ත්වය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිකුරාදා දිනවල වසා තැබීමට තිරණය කර තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාට අයත් පෞද්ගලික නිවසක රැඳී සිටින බවට ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනීයකරණයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිවරයා යැයි පවසන හිටපු පොලිස් නිලධාරියකු සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති හඬපටයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

කොට්ටාව බස් නැවතුම්පළ භූමියේ ගෑස් පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අද (12දා) ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි .

Read More

ජාතික භික්ෂු පෙරමුණ විසින් සංවිධානය කොට තිබූ සත්‍යග්‍රහයක් අද (12දා) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට දී පැවැත්විණි .

Read More

අරලිය ගහ මැදුරේ මාධ්‍ය ඒකකයේ තිබූ භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරු සටහන් ( log entry) නොමැති වීමෙන් පරීක්ෂණ වලට දැඩි බාධාවක් වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Read More

කොළඹ, කොල්ලුපිටිය අරලියගහ මන්දිරය තුළදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් දස දෙනෙක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

Read More

ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් නෞකාවක් කොළඹට අද (12දා) ළඟාවූ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

Read More

කොළඹ, වෙරළබඩ පොලිස් වසමේ අලුත් හෙට්ටිවීදිය හින්නි අප්පුහාමි හන්දියේ දී යතුරුපැදියකින් යමින් සිටිය අඹුසැමි යුවළකට සිදුකළ වෙඩි තැබීමකින් සැමියා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා පැවසීය

Read More

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්. ඒ. ලක්ෂ්මන් සහ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර් ආටිගල යන මහත්වරුන්ට රටින් පිට වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

Read More

කුඩු සහ ජලය කලවම් කොට පෙට්‍රල් බව පවසා ලීටර් පහක් රුපියල් 5000 ක මුදලකට අලෙවි කිරීමේ චෝදනාවකට පුද්ගලයෙකු සැකපිට 12 දින දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (12දා) අලුයම ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේ, කටුනායක ගුවන් තොටුපළ තුළ සිටි ගුවන් මගීන්ගෙන් එල්ල වූ විරෝධතාවක් නිසා සිය ගුවන් ගමන අතහැර ආපසු ගොස් තිබේ.

Read More

ජුලි 09 දා කොළඹ පැවැති විරෝධයට මුලින් පැමිණි තරුණයන් සොයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි යනුවෙන් පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසයි.

Read More

ඒ් අනුව ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකයෙකු නොවන දක්ෂ ජාතික මට්ටමේ නායකයෙකු හෝ ඔහුගේ නිල කාලය තුළ දේශපාලන වශයෙන් අපක්ෂපාතීව සිටීමට ඉඩ ඇති පක්ෂ නායකයෙකු මේ අනුව ජනපති ධුරයට සුදුසු යැයි චම්පික රණවක මහතා සඳහන් කරයි.

Read More

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා යෝජනා කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව යෝජනා ස්තීර කර ගත්තේය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකාවේ රැදී සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය. ඉන්දියාවේ ANI පුවත් සේවය සමග දුරකතනය ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ. ජනපතිවරයා රටින් පිටව ගොස ඇති බවට තමන් බී.බී.සි. පුවත් සේවය සමග සඳහන් කළ දෙය අත්වැරදිමක් බවද ඔහු ප්‍රකාශ කළේය.

Read More

ජූලි 15 වන සිකුරාදා පාර්ලිමේන්තුව කැඳවා ඉන්පසු 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසුව 19 වන අඟහරුවාදා නාම යෝජනා කැඳවීම හා 20 වන බදාදා පවතින නීති ප්‍රතිපාදන අනුව ඡන්දයක් පවත්වා අභිනව ජනාධිපතිවරයා තෝරාපත් කර ගත යුතු බවට අද පැවැති පක්ෂ නායක රැස්වීමේ තිරණය වූ බව කථානයාක මහන්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

’’මේ අවස්ථාවේදී ජනපතිවරයා රටින් පිටවී ආසන්න රටක රැදී සිටිනවා. බදාදා වන විට ඔහු ලංකාවේ සිටීවි. ඔහු 13 දා ඉල්ලා අස්වෙන බව මට කිව්වා.’’

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.