saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5118 hours ago

LATEST

ගෝඨාභයට රැකවරණය දෙන්නේ නෑ - සිංගප්පූරුව

calendar_today 2022 ජුලි 14 - 20:29 remove_red_eye - 1662  

මේ වන විට සිංගප්පූරුවට ගොස් සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගපප්පූරුවේ සරණාගතභාවය හෝ රැකවරණය ඉල්ලා නොමැති බව සිංග්පූරු රජය ප්‍රකාශ කරයි.

සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.

Read More

මේ අනුව මහජන ආරක්‍ෂක ආඥා පනත යටතේ පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවන්ට බලය ලබාදී ඇති අතර, ඒ අනුව පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව රටේ නීතිය හා සාමය පවත්වා ගෙන යාම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධික්‍ෂණය යටතේ අවශ්‍ය සියළු කටයුතු සිදුකර ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට කටයුතු කරනු ලබන බව මහජනතාව වෙත දැනුම් දෙන බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.

Read More

මාලදිවයිනෙන් පසු සිංගප්පූරුවට ගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගපූරුවෙන් අනතුරුව සෞදි අරාබියට යනු ඇතැයි විවිධ පාර්ශ්වයන්ගෙන් ලබාගත් තොරතුරු වාර්තා කරමින් ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

Read More

දිවයින පුරා ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම අඛණ්ඩව සිදු කෙරෙන බව එම සමාගම පවසයි. එමෙන්ම ඊයේ (14දා) සිට ගෑස් බෙදා හැරීම තවදුරටත් පුළුල් කෙරෙන බව ද එම සමාගම සඳහන් කරයි.

Read More

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දළදා වහන්සේ වෙනුවෙන් සිදු සිදුකෙරෙන තේවා කටයුතු මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් අස්ගිරි මහා විහාර පාර්ශවයට පැවරීම ඇසළ පුන් පොහෝ දිනට පසු දින අද (14) පස්වරුවේ පුරාණ සම්ප්‍රදානුකූලව සිදුවිය.

Read More

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය අතරතුර දී හමුදා සෙබළුන් තිදෙනෙකුගේ ටී 56 ගිනි අවි හා මැගසින් 6 ක් විරෝධතාකරුවන් පැහැර ගෙන ගොස් ඇති බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

කොළඹ සහ බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය අසල වූ විරෝධතා වලින් තුවාල ලැබූවන් 84 දෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

Read More

කොළඹ ජනපති මන්දිරය තුළදී ගංජා සහිත කුඩා පර්සලයක් සමග අවුරුදු 24ක මීරිගම පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

ආරක්‍ෂක හමුදාවන්ට හෝ මහජන දේපළවලට හානි කිරිම උදෙසා ප්‍රචණ්ඩත්වය වැඩිකරමින් කටයුතු කරන සියලුදෙනාම වහාම එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බවත් නොඑසේනම් පවතින තත්ත්වයන්ට අනුකූලව හා සරිලන පරිදි ආරක්‍ෂක හමුදාවෝ සතු සියලු බලතල පාවිච්චි කිරීමට ඉදිරියේදී සිදුවන අතර මහජන දේපල මෙන්ම සියලු මර්මස්ථාන සහ මහජන ජීවිත සුරැකීමේ අනුලංගනීය වගකීම පැවරී ඇති ආරක්‍ෂක හමුදාවෝ එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන අතර එවැනි තත්ත්වයකදී උදාවිය හැකි පසු ආදීන පි

Read More

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් හෙට (14දා) දක්වා විදේශගත නො වන බවත් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත නො වන බවත් සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්හ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ගමන් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

Read More

මෙම හෝටල් ජාලයෙහි රාත්‍රියක් ගත කිරිම වෙනුවෙන් වැයවන මුදල ඇමෙරිකානු ඩොලර් 5,903 සහ ඇමෙරිකානු ඩොලර් 8,760 අතර මුදලක් වෙයි.

Read More

ජනපති මන්දිරය, අරලිය ගහ මන්දිරය, ජනපති ලේකම් කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලය යන ආයතනවලින් අරගලකරුවන් ඉවත්වන ගාලුමුවදොර අරගලකරුවෝ පවසති.

Read More

පාකිස්තානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කර තිබේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්‍රීඩකයන් 18ක් ඇතුළත් වෙයි.

Read More

කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය වෙත ඇඳිරි නීතිය පැනවිමට වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. මේ අනුව අද මධ්‍යාහ්න 12.00 සිට හෙට අලුයම 5.00 දක්වා මෙසේ ඇඳිරි නිතිය පනවා තිබේ.

Read More

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ වේලාවෙන් පෙරවරු 11.30ට පමණ එරටින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිත බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කරයි.

Read More

බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේ ඊයේ පැවැති විරෝධතා පාලනය කිරීමට යාමේදි ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය මත යුද හමුදා සෙබෙලෙකුගේ ටී56 ගිනි අවියක් විරෝධතාකරුවන් විසින් පැහැරගෙන ඇතැයි සඳහන් කරමින් බොරැල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට අදාළ ලිපිය තවමත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමුකර නොමැති බව වාර්තා වෙයි.

Read More

මේ වන විට මාලදිවයිනේ සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනෙන් සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහා මේ වන විට පෞද්ගලික ජෙට් යානයක් අපේක්ෂාවෙන් සිටින බව ඩේලි මිරර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි. ජනපතිවරයා, ඔහුගේ බිරිඳ හා ආරක්ෂකයන් දෙදෙනෙක් මාලදිවයිනේ සිට සාමාන්‍ය ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව සිටියත් ඔහුට එල්ල වූ විරෝධය හමුවේ ඒම ගුවන් ගමනට ආරක්ෂක හේතුන් මත එක්ව නොමැති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ශ්‍රී ලංකාවේ සිට ආරක්ෂිතව මාලදිවයිනට පිටත්ව ඒම වෙනුවෙන් ඩොලර් මිලියන 5ක අල්ලසක් ගත්තේදැයි මාලදිවයිනේ ජනපතිගෙන් මාලදිවයිනේ මාධ්‍ය ප්‍රශ්ණ කර තිබේ.

Read More

ඉහළ යන ආහාර මිල සහ ඉන්ධන හිඟය සමග මෙම අලුත් ප්‍රචණ්ඩත්වය පැනනැගී ඇති අතර, නගරයේ ආරක්‍ෂක තත්ත්වයේ ඉතා භයානක ලෙස පහතට යෑමෙන් මෙම කල්ලි ඉස්මතු වෙමින් පවතින බව කියයි.

Read More

විරෝධතාකරුවන්ට එරෙහිව සජීවී උණ්ඩ භාවිත කිරිම සඳහා අනුමැතිය ලබාදීමට විපක්ෂයේ පක්ෂ නායකයන් එරෙහි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ කොරෝනා වෛරස් වසංගතය තවම කොතැනකවත් අවසන් වී නොමැති බවයි.

Read More

මෙහිදී කථානායකතුමා සඳහන් කළේ තමා විසින් රටට නිවේදනය කළ පරිදි අද (13) රාත්‍රී 12ට පෙර ජනාධිපතිතුමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබීමට සලස්වන බවට ජනාධිපතිතුමා විසින් දුරකථන මාර්ගයෙන් තමාවෙත දැනුම් දුන් බවයි.

Read More

එක්සත් ජනපද යුද නැවක් චීනයේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීම ගැන චීන මහජන විමුක්ති හමුදාව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

Read More

ජුලි 13 දා තමන් ජනපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කථානායකවරයා හරහා රටට දැනුම් දුන්නත් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විමට අදාළ ලිපිය තවමත් ප්‍රකාශ කර නොමැත.

Read More

බදාදා පැවති පළමු වටයේ ඡන්ද විමසීමෙන් පසු එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් වෙනුවට අපේක්ෂකයින් හය දෙනෙකු තරඟ වදින බව කොන්සර්වේටිව් පක්ෂය නිවේදනය කළේය.

Read More

සමස්ත රට බලපාන පරිදි අද (13) මධ්‍යහන 12.00 සිට ඇඳිරි නීතිය පනවා හෙට (14) අළුයම 5.00 ට ඉවත්කරන බව සඳහන් කරමින් වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

සාමකාමී සහජීවනය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ වටිනාකම් බෙදාහදා ගන්නා සියලුම රටවලට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ’’මිත්‍රත්වයේ හස්තයක්’’ දිගු කරන බවද ඔහු පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.