බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු දෙදෙනකු ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් මෙම අවස්ථාවේ නීතිපතිවරයා පෙනී නොසිටීන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (13දා) දැනුම් දුන්නේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු දෙදෙනකු ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා ඒ බව දැනුම් දුන්නේය.
එශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන් ඉදිරියේ මෙම ප්‍රථම කැඳවනු ලැබිණි.
පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා අධිකරණය අමතමිනි මෙම පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් මෙම අවස්ථාවේදී නීතිපතිවරයා නියෝජනය කරමින් තමා පෙනී නොසිටින බව දැනුම් දුන්නේ ය.
වග උත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටින්නේද යන්න සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරියේ දී තීරණයක් ගැනීමට නියමිත බව ද ෂමින්ද වික්‍රම මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේ ය.
නීතිඥ ආර් .එස්. වීරවික්රම මහතා අධිකරණය අමට්මින් වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් තම පෙනී සිටින බව දැනුම් දුන්නේ ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සලකා බැලීම සඳහා පෙබරවාරි මස 22 වනදා කැඳවීමට නියම කෙරිණි .