මෙරට දිනකට පස් දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවන බව දකුණු පළාත භාර ජෙයෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා අද (14දා)අම්බලන්ගොඩ පැවති උත්සවයකදී පැවසීය.
ඒ අම්බලන්ගොඩ පොල්වත්ත පදේශයේ ගාල්ල කොට්ඨාස අපරාධ ඒකකය විවෘත කිරීමේ උත්සවයට සහභාගීවෙමිනි.
මත් ද්‍රව්‍ය මැඩලීම පොලීසියේ රාජකාරියක් මෙන්ම සිවිල් ජනතාවගේ එය වගකීමක් යුතු බවද අජිත් රෝහණ මහතා කීවේය.පොලීසියට පමණක් මේ කාර්ය තනිවම කරගෙන යා නොහැකි බවත් ඊට මහජනතාවගේ සහයෝගයද අවශය බවද පැවසීය.
අද ලංකාවේ දිනකට මත්ද්‍රව්‍ය භාවිතයට පස් දෙනෙකු පමණ හුරුපුරුදු වන බවත් මෙය ඉතා නරක තත්වයක් බවත් අජිත් රෝහන මහතා සඳහන් කළේය.
දිනකට පස් දෙනා බැගින් මේ නරක ක්‍රියාවට යොමුවන ගණන හා වසරකට යොමුවන සංඛයාවද විශාල බවද මෙහිදී අජිත් රෝහන මහතා කීය.
මෙහි වැඩිම භයානකම පාසල් සිසුන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම බවත්, සිය දරුවා මත්ද්‍රව්‍ය වලින් මුදවා ගැනීම දෙමාපියන්ගේ වගකීමක් හා යුතුකමක් බවද කී අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත