අමානුෂික ලෙස පහර කෑ තම දරුවාටත් මාන්චු දමා පොලිසිය වෙත ගෙන ගිය පොලිසිය මගින් සාධාරණ පරික්ෂනයක් සිදුවේදැයි සැක සහිත බවත් එම නිසා මෙම පහර දිම සම්බන්ධව රජය මැදිහත්වි සාධාරණ පරික්ෂනයක් සිදුකල යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භු ගර්භ විද්‍යා අධ්‍යන අංශයේ ජේශ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
මහචාර්යවරයා මෙසේ පැවසුයේ අද (13දා) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එදින තම පුතාට සහ තමා හට විශ්ව විද්‍යාලයේ සිසුන් අමානුෂික ලෙස පහර දුන් බවත් එසේ තිබියදි විශ්ව විද්‍යාල සිසුන් සමනය කිරිම සදහා තම පුතාට මාංචු දමා ගෙන යෑමට සිදුවු බව පොලිසිය තමන් වෙත පැවසු බවත් එවන් වාතාවරණයක් තුල මෙම පහර දිම සම්බන්දව සාධාරනයක් බලපොරොත්තු නොවිය හැකි බවද මහාචාර්යවරයා පැවසිය.
මේ වන විටද තමා ඇතුලු පවුලේ සැම විශාල බියකින් පසුවන බවත් විශ්ව විද්‍යාලයේ ආරක්ශක නිලධාරින් දෙනෙකු ගේ ආරක්ෂාව ලබා දි ඇතත් එයද සැහිමකට පත් නොවන බවද මහාචාර්යවරයා පැවැසිය.
තමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති ලෙස රාජකාර කල සමයේ සි.සි.ටිවි කැමරා පද්ධිති තොරාගත් ස්ථාන වල සවි කිරිමට පියවර ගත් බවත් මෙවන් අවස්ථාවලදි ක්‍රියාත්මක කල හැකි ක්‍රමවේද සැකසුවත් ශිෂ්‍යන්ගේ විරෝධතාවය මත එය නැතිවි ගිය බවද මහචාර්යවරයා පැවැසිය.
අද තමා වෙත පහරදිම හෙට තවත් විශ්ව විද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන්ට සිදුවිය හැකි බවත් මෙවන් තත්වයන් ඇති විම වලකා ලිම සදහා විශ්ව විද්‍යාල පරිපාලණයට යටත් උසස් පොලිස් නිලධාරින් යොදවා විශ්ව විද්‍යාල තුල පොලිස් ඒකකයක් පිහිටුවිය යුතු බවද මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසිය.
විශ්ව විද්‍යාලයේ හිටපු විනය පාලක තුමා ට එරෙහිව ශිෂයින් ගේනා චෝදනාවකට විනය පාලක තුමා හට වසර පහක තහනමකට ලක් කිරිමට පාලක මංඩලය කටයුතු කල බවත් ශිෂයින් විනය පාලකවරයාට ගෙනා චෝදනාවෙන් එතුමා නිදොස් කොට නිදොස් වු බවත් සියලු කටයුතු ශිෂයින්ගේ කැමැත්තට සිදුකිරිමට යෑම තුල මෙවන් තතවයන් උදාවි ඇති බවද මහාචාර්යවරයා පැවැසිය.
මේ වන විට විශ්ව විද්‍යාලය තුල සිසුන් සියයට 20 ක් පමන මත් ද්‍රව්‍යවලට ගොදුරු වි ඇති බවත් එවන් ක්‍රියා සම්බන්දව සිසුන් පෙලබවිමට මෙම මත්ද්‍රව්‍ය භාවිතා කරන සිසුන්ගේ ක්‍රියා හේතු විය හැකි බවද මහචාර්යවරයා පැවසිය.
කිසිදු වරදක් නොකර අමානුෂික ලෙස සිය පවුලම විශ්ව විද්‍යාල සිසුන්ගේ පහර කැමට ලක්වු බවත් මෙම පහර දිම සමබන්දව හදුනාගත් සියලු සිසුන් හට නිති මාර්ගයෙන් කටයුතු කිරිමට සුදානම් වන බවද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භු ගර්භ විද්‍යා අධ්‍යන අංශයේ ජේශ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසිය.
මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භු ගර්භ විද්‍යා අධ්‍යන අංශයේ ජේශ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ගේ නිවසට පැමිණ පහර දුන් සිසුන් 10 දෙනෙකු පේරාදෙෙණිය පොලිසිය විසින් ඊයේ සහ අද දිනයේදි අත් අඩංගුවට ගෙන ඇත.
මෙම සිසුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පහර දිම , අයුතු ඇතුලුවීම හා රංජයේ දෙපල වලට හානි කිරිම සම්බන්ධයෙනි.
මෙම පහර දිම සම්බන්දව හදුනාගත් සිසුන් කිහිපදෙනෙකු අත් අඩංගුවට ගැනිමට නියමිත අතර අත් අඩංගුවට ගත් සැකකාර සිසුන් 10 දෙනා මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවද පොලිසිය පැවසිය.
