ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟවී ඇති ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකමට එම අරමුදලේ විධායක මණ්ඩලය වසර අවසන් වීමට අනුමැතිය නොලැබෙනු ඇතැයි මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමි්න රොයිටර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
දශක ගනනාවක් තුල ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයට ශ්‍රී ලංකාව මේ වන මුහුණ දෙමින් සිටින අතර එයින් අත්මිදීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ජූනි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹුණි.
ශ්‍රී ලංකාව සැප්තැම්බර් මාසයේදී කියා සිටියේ වසර අවසානය වන විට මණ්ඩලය විසින් මෙම ගනුදෙනුව අනුමත කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි. ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍ය පහසුකම ලබාදීමට මත්තෙන් ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට අදාළව ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගැනීමට කටයුතු කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම් දුන්නේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට මේ දක්වා එම ක්‍රියාමාර්ගය සාර්ථක කර ගැනීමට නොහැකි වී තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්විපාර්ශ්වික ණය දෙන්නන් තිදෙනෙකු සිටියි. ඒ් අතරින් චීනය සමග තවමත් ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සම්බන්ධයෙන් අවසාන මට්ටමේ එකඟතාවකට පැමිණ නොමැති අතර ජපානය සහ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට කොළ එළි ලැබී තිබේ.