හම්බන්තොට, ගොඩවාය පැරණි වරාය ආසන්න මුහුදෙන් හමු වී ඇති දකුණු ආසියාවේ පැරණිත ම නෞකාවේ ගවේෂණ සහ සංරක්ෂණ කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් 82,900ක මුදලක් ප්රදානය කිරීම අද (13දා) සිදුකෙරිණි.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනි ජුලී චංග් විසින් මෙම ප්රදානය සිදුකෙරුණේ ගාල්ල, සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාර පරිශයේ දී ය.
මෙම මුදල පරිත්‍යාග කර ඇත්තේ සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ එක්සත් ජනපද තානාපති අරමුදල මගිනි.
“ඉන්දු ශාන්තිකර කලාපයේ සංචාරකයන්ට සහ වෙළෙඳුන්ට මුල් කාලයේය පටන් ම කේන්ද්‍රස්ථානයක් වූ ශ්‍රී ලංකාව නිරූපණය කළ වැදගත් භූමිකාව ලේඛනගත කිරීම මගින් ශ්‍රී ලංකාවේ උත්කර්ෂවත් සංස්කෘතික උරුමය සංරක්ෂය කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට උදව් උපකාර ලබාදීමට ඇමෙරිකාව බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ඇමෙරිකා තානාපතිනිය එහි දී කීවාය.
ගොඩවාය පුරාණ වරාය ආසන්න මුහුදේ තිබී කිමිදුම්කරුවන් දෙදෙනකු විසින් 2008 වර්ෂයේ දී සොයාගත් ගල් බංකුවක් ඔස්සේ පර්යේෂණ කටයුතු ආරම්භ කළ ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීන් විසින් මේ නෞකාව පළමුවරට සොයාගන්නා ලදී. එය ක්‍රිස්තු පූර්ව යුගයට අයත් ගිලී ගිය නැවක් බවත් දැවයෙන් සාදා තිබී ඇති බවත් මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව ගොඩවායෙන් හමුවූ මෙම නැව දකුණු ආසියානු කලාපයෙන් හමු වී ඇති පැරණිත ම නෞකාව වන අතර ලෝකයේ හමු වී ඇති පැරණිත ම නෞකා අතරින් ද එකකි.
මෙම නැව ගිලී අති ස්ථානය තවදුරටත් ගවේෂණය කිරීමටත්, ඒවා ලේඛනගත කිරීමට, රසායනාගාර පරීක්ෂණ සහ සංරක්ෂණ කටයුතු සඳහා ඇමෙරිකාවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලට ලැබුණු මෙම මුදල් යෙදවීමට නියමිය. සංරක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු නැවෙන් හමුවන පුරාවස්තු සහ අවශේෂ ගාල්ල සමුද්‍රික පුරාවිද්‍යා කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තැබීමට ද නියමිතය.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට
