සහල් ආනයනය බලපත්ර ක්රමයට යටත් කරමින් සහ වර්ග කිහිපයක සහල් ආනයනය තාවකාලිකව තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනපති රනිල් වික්රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ යටතේ අර්ධ අඹරන ලද හෝ සම්පූර්ණයෙන් අඹරන ලද මෙන්ම ඔප දැමූ හෝ ඔප නොදැමූ සහල් , කැකුළු සහල් සහ තම්බන ලද සහල් ආනයනය තාවකාලිකව මේ අනුව නවත්වනු ඇත.
එසේම මේ වන විට ශ්රී ලංකාවට ගෙන්වීම වෙනුවෙන් නැව්ගත කර ඇති සහල් විශේෂ බලපත්ර ක්රමයක් යටතේ වරායෙන් නිදහස් කර ගැනීමට අවස්ථාව ලැබෙයි.