විදුලිබිල ගෙවීම් පැහැර හැර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් පිළිබඳ නිවැරදි ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේද යන්න ආණ්ඩුවෙන් විමසන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (13දා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් හෙළිදරව්වක් කිරීමට හැකි අතර, ඇතැම් මන්ත්‍රීවරැන් ජීවතුන් අතර නොමැති බවත්, කෙසේ වෙතත් ඇමතිවරැන්ගෙ, හිටපු ඇමතිවරැන්ගේ බිල්පත් වලින් සියයට 60-70කට වැඩි මුදලක් නැවත අය කර ගැනීමට කටයුතු කරගෙන තිබෙන බවත් ඊට පිළිතුරු ලබා දෙමින් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ - 2022 ඔක්තෝම්බර් 01වැනිදාට විදුලි පාරිභෝගිකයන් වෙතින් රුපියල් මිලියන 25,836ක් මුදලක් අයවිය යුතුව තිබෙනවා. විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගම විසින් නඩත්තු කර ගෙන යනු ලබන විදුලි පාර්භෝගික දත්ත පද්දතිය තුළ ප්‍රසිද්ද හා බලවත් පුද්ගලයන් සම්බන්ධයෙන් වෙන වෙනම වර්ගීකරණයක් පවත්වාගෙන යනු නොලැබේ. එසේම බිල්පත් ගෙවීම පැහැර හැර ඇති සියලුදෙනා සම්බන්ධයෙන් සමානාත්මතාවයෙන් යුතු සැලකීමකට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරනවා. අයවිය යුතු හිඟ මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාල පුද්ගලයන් හා ආයතන වෙත ලිකිතව එස්.එම්.එස් ඇලට් යොමු කිරීම මගින් දැනුම්දෙන අතර හිඟ මුදල් අය කර ගැනීමට හැකි උපරිමයෙන් කටයුතු කරනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි - සමහර මන්ත්‍රීවරු විදුලි බිල ගෙවන්නේ නැතිව කණ්ඩායමක් ඉන්නවා කියලා වාර්ථා වෙනවා. පාර්ලිමේන්තුවට දැනුවත් කරන්න කවුරු හරි විදුලි බිලට පොල්ලක් තියපු මැති ඇමතිවරු කවුද කියලා. මොන පක්ෂයක වුණත් කමක් නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් ගැන තැන තැන ප්‍රකාශ වෙනවා. ඒ පිළිබඳ නිවැරදි ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවාද?
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ - අපිත් කැමතියි දැනුවත් කරන්න. ඒත් මෙතන තාක්ෂණික දෝෂයක් තිබෙනවා. මේ රජයේ නිවාස වල තමයි පසුගිය දවස් වල ආන්දෝලනාත්මක ප්‍රශ්න තිබුණේ. රජයේ නිවාසයක් පාවිච්චි කරන ඇමතිවරයා රජයේ නිවාසයෙන් ඉවත් වන වෙලාවේ තමයි ඒ තිබුණු හිඟ බිලට විශාල පොලියක් එකතු වුණේ. අපිට ඔබතුමන්ලා කියනවා නම් පක්ෂ භේදයකින් තොරව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒත් ඔවුන් අද පාර්ලිමේන්තුවෙත් නෑ. ජීවතුන් අතරත් නෑ. මේ වෙද්දි අයවෙන්න තිබුණු ඇමතිවරුන්ගෙ, හිටපු ඇමතිවරැන්ගේ බිල්පත් වලින් සියයට 60-70කට වැඩි මුදලක් අපි අයකරගෙන තිබෙනවා.