කුලී ගමනක් යන මුවාවෙන් තී රෝද රථයකට ගොඩ වු පුද්ගලයන් දෙදෙනකු රයිගම මල්වත්ත ප්රදේශයේදී රියදුරු සතුව තිබූ රුපියල් 17000ක මුදලක් හා ත්රීරෝද රථය කොල්ල කා රැගෙන ගොස් පසුදින අද (13දා) මිල්ලනිය පරගස්තොට තොටුපිටිය වත්ත ප්රදේශයේ දී අත්හැර දමා ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය පවසයි.
එම ප්රදේශයේ දී ද වයෝවෘද්ධ පුද්ගලයකු සතුව තිබූ රුපියල් 20,000 කට ආසන්න මුදලක් කොල්ලකා තිබූ මෙම පුද්ගලයන් ඔහු කෑ ගැසීමට තැත් කිරීමේදී එම මුදල් නැවත ලබාදී ඇතැයි පොලිසිය කියයි.
හොරණ පොකුණුවිට ප්රදේශයේදී ඊයේ රාත්රී ත්රිරෝද රථය වෙත පැමිණ තිබූ පුද්ගලයන් දෙදෙනකු රයිගම ප්රදේශයට කුලි ගමනක් යාමට යැයි පවසා විත් මෙම කොල්ලය සිදුකර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය කියයි.
අනතුරුව අද (13දා) පෙරවරුවේ පරගස්තොට ප්රදේශයේදී වෙළඳසැලක සේවය කරන වයෝවෘද්ධ පුද්ගලයකු මාර්ගයේ ගමන් කරමින් සිටියදී " අංකල් අපි පොලීසියෙන් කොහාටද යන්නේ යැයි අසා ඔහු ඇරලන මුවාවෙන් ත්රීෙරා්ද රථයේ නංවාගෙන ඔහු සතු මුදල් කොල්ලකා ඇතැයිද එම අවස්ථාවේදී වයෝවෘද්ධ පුද්ගලයා කෑ ගැසීමට උත්සාහ කිරීමේදී නැවතත් එම මුදල් දී ඔහු පිටත් කර හැර තිබු බව පොලිසිය කියයි.
අනතුරුව මද දුරක් පැමිණ පැදීමේදී තී රෝද රථයේ ඉන්ධන නිමවීමෙන් අනතුරුව ත්රිරෝද රථය අත්හැර දමා පා ගමනින් ගොස් වෙනත් තිරෝද රථයක නැග බණ්ඩාරගම කළුතර මාර්ගයට පැමිණ බස් රථයක නැගී කළුතර දෙසට පලා ගොස් තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
කොල්ල කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සීසීටීවී දර්ශන ඔස්සේ පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.