saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5126 hours ago

LATEST

ගෝඨාභය මාලදිවයිනෙන් පිටත්වෙන්න සූදානම්?

calendar_today 2022 ජුලි 14 - 11:01 remove_red_eye - 4701  

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ වේලාවෙන් පෙරවරු 11.30ට පමණ එරටින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිත බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කරයි.

බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේ ඊයේ පැවැති විරෝධතා පාලනය කිරීමට යාමේදි ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය මත යුද හමුදා සෙබෙලෙකුගේ ටී56 ගිනි අවියක් විරෝධතාකරුවන් විසින් පැහැරගෙන ඇතැයි සඳහන් කරමින් බොරැල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට අදාළ ලිපිය තවමත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමුකර නොමැති බව වාර්තා වෙයි.

Read More

මේ වන විට මාලදිවයිනේ සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනෙන් සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහා මේ වන විට පෞද්ගලික ජෙට් යානයක් අපේක්ෂාවෙන් සිටින බව ඩේලි මිරර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි. ජනපතිවරයා, ඔහුගේ බිරිඳ හා ආරක්ෂකයන් දෙදෙනෙක් මාලදිවයිනේ සිට සාමාන්‍ය ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව සිටියත් ඔහුට එල්ල වූ විරෝධය හමුවේ ඒම ගුවන් ගමනට ආරක්ෂක හේතුන් මත එක්ව නොමැති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ශ්‍රී ලංකාවේ සිට ආරක්ෂිතව මාලදිවයිනට පිටත්ව ඒම වෙනුවෙන් ඩොලර් මිලියන 5ක අල්ලසක් ගත්තේදැයි මාලදිවයිනේ ජනපතිගෙන් මාලදිවයිනේ මාධ්‍ය ප්‍රශ්ණ කර තිබේ.

Read More

ඉහළ යන ආහාර මිල සහ ඉන්ධන හිඟය සමග මෙම අලුත් ප්‍රචණ්ඩත්වය පැනනැගී ඇති අතර, නගරයේ ආරක්‍ෂක තත්ත්වයේ ඉතා භයානක ලෙස පහතට යෑමෙන් මෙම කල්ලි ඉස්මතු වෙමින් පවතින බව කියයි.

Read More

විරෝධතාකරුවන්ට එරෙහිව සජීවී උණ්ඩ භාවිත කිරිම සඳහා අනුමැතිය ලබාදීමට විපක්ෂයේ පක්ෂ නායකයන් එරෙහි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ කොරෝනා වෛරස් වසංගතය තවම කොතැනකවත් අවසන් වී නොමැති බවයි.

Read More

මෙහිදී කථානායකතුමා සඳහන් කළේ තමා විසින් රටට නිවේදනය කළ පරිදි අද (13) රාත්‍රී 12ට පෙර ජනාධිපතිතුමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබීමට සලස්වන බවට ජනාධිපතිතුමා විසින් දුරකථන මාර්ගයෙන් තමාවෙත දැනුම් දුන් බවයි.

Read More

එක්සත් ජනපද යුද නැවක් චීනයේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීම ගැන චීන මහජන විමුක්ති හමුදාව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

Read More

ජුලි 13 දා තමන් ජනපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කථානායකවරයා හරහා රටට දැනුම් දුන්නත් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විමට අදාළ ලිපිය තවමත් ප්‍රකාශ කර නොමැත.

Read More

බදාදා පැවති පළමු වටයේ ඡන්ද විමසීමෙන් පසු එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් වෙනුවට අපේක්ෂකයින් හය දෙනෙකු තරඟ වදින බව කොන්සර්වේටිව් පක්ෂය නිවේදනය කළේය.

Read More

සමස්ත රට බලපාන පරිදි අද (13) මධ්‍යහන 12.00 සිට ඇඳිරි නීතිය පනවා හෙට (14) අළුයම 5.00 ට ඉවත්කරන බව සඳහන් කරමින් වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

සාමකාමී සහජීවනය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ වටිනාකම් බෙදාහදා ගන්නා සියලුම රටවලට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ’’මිත්‍රත්වයේ හස්තයක්’’ දිගු කරන බවද ඔහු පැවසීය.

Read More

පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි කථානායක නිල නිවස අසළ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ. විරෝධතාකරුවන් රැසක් එක්ව විරෝධතා දැක්වීම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය නිර්මාණය වී තිබේ. ඔවුන්ව පළවා හැරිමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

රජය හා විපක්ෂය පිළිගන්නා පුද්ගලයෙක් අග්‍රාමාත්‍යධුරය සඳහා නම් කරන ලෙස වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත දන්වා තිබේ.

Read More

සාමකාමී බල හුවමාරුවක් සඳහා දේශපාලන නායකයන්ට ඉඩ සලසන ලෙසත් අත්පත් කරගෙන ඇති පරිශ්‍රවලින් ඉවත්ව අදාළ අංශ වෙත එම ආයතන වහාම භාරදෙන ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටී.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය අවසන් අනුමැතිය ලබා දීමෙන් පසු අගෝස්තු මාසයේදී ඩොලර් බිලියන 1.2 ක මුදලක් පළමුව පාකිස්තානයට ලැබීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පාකිස්තානය ඩොලර් බිලියන 7ක මූල්‍ය පහසුකමක් අපේක්ෂා කරන අතර එය ලබන වසරේ ජුනි දක්වා අදියර වශයෙන් ලබාදිමට නියමිතය.

Read More

වහාම රටතුළ නීතිය හා සාමය පරිපූර්ණ ලෙස ස්ථාපිත කරන ලෙස වැඩබලන ජනපතිවරයාගෙන් හා ආරක්ෂක අංශ වලින් දැඩිව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට සූදානම් බවද එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වැඩබලන ජනපති ‍ ලෙස පත්කර ඇති රනිල් වික්‍රමසිංහ මහතාටද එම ධුරයෙන් ඉවත් වන ලෙසට දැන්වීමට අද පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදි තිරණය කර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය කාර්යාලය අසල විරෝධතාවය අතරතුර තුවාල ලැබූ පුද්ගලයන් 30ක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

Read More

ත්‍රිවිධ හමුදාවත් පොලිස්පතිතුමත් කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා ඉදිරි ජනපතිවරයා පත්කර ගන්නා තුරු ගන්නා ක්‍රියාමාර්ග පක්ෂ නායක රැස්වීමක් පවත්වා අපිට දැනුම් දෙන ලෙස. එහි තීරණ ජනතාවට ප්‍රකාශ කිරීමට නියමිතයි. විශේෂයෙන්ම තරුණ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ තත්ත්වය ඔවුන් විසින් ප්‍රකාශයට පත්කරලා ඊළඟ ජනපතිවරයා පත්කර ගන්නා තෙක් රටේ සාමය පවත්වාගෙන යන්න ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට සහාය දෙන්න.

Read More

රට තුළ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් වර්ධනය වීම වැළැක්විම සඳහා වැඩබලන ජනපති ලෙස පත්ව ඇති රනිල් වික්‍රමසිංහ මහතා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රීධුරයක් හිමි පුද්ගලයෙක් අග්‍රාමාත්‍යධුරයට පත්කිරීමෙන් අනතුරුව දැන් එම පුද්ගලයාම දැන් වැඩබලන ජනපතිධුරයට පත්කිරීමත් රාජපක්ෂ පන්නයේ ප්‍රජාතන්ත්‍රවාදය බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට පිටත්ව ගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් අනතුරුව සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිත බව මාලදිවයිනේ වාර්තා උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

Read More

නීතිය හා සාමය පවත්වාගෙන යාමට ආරක්ෂක අංශ වෙත සහාය දක්වන ලෙසත් නීතිය හා සාමය ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් තමන් ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන් බවත් වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

Read More

කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අරගලකරුවන් සිය ග්‍රහණයට ගෙන තිබේ.

Read More

ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. එම රූපවාහි පරිශ්‍රයට අරගලකරුවන් පැමිණිමත් සමග ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ජනපති තමන්වෙත දුරකතනය හා සම්බන්ධවෙමින් ප්‍රකාශ කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.

Read More

වැඩබලන ජනපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරිමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.