හිටපු උප කුලපතිට පහරදුන් සිද්ධියට සිසුන් 10ක් අත්අඩංගුවට
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භූගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදුන් බවට චෝදනා නැගුණ සිසුන් දොළොස් දෙනාගෙන් දස දෙනෙකු පේරාදෙණිය පොලිසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ .
මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු පවසා සිටියේ චෝදනාවට ලක්වී ඇති අනෙක් සිසුන් දෙදෙනා නීතිඥයන් මාර්ගයෙන් උසාවියට බාර වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි . එම දෙදෙනාට එල්ලවී ඇති චෝදනාබරපතල බැවින් එසේ කරනු ඇති බවද එම ප්‍රකාශකයා පැවසීය .
මේ අතර එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් රඳවා තිබෙන පේරාදෙණිය පොලිස් පරිශ්‍රය මාධ්‍යවේදීන්ට තහනම් කලාපයක් කර තිබේ.
ෂේන් සෙනෙවිරත්න
popular news
-
Rocky Tuesday, 13 December 2022 12:46 PM
Sishyayanta erehiwa Poorva Nigamanayata boho aya pelambee thibena bawayi, mata nam hithenne!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

