saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 5439 hours ago

LATEST

ජානකී සිරිවර්ධන අත්අඩංගුවට

calendar_today 2022 නොවැ 04 - 15:09 remove_red_eye - 1118  

ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇතුළු ආරාධිතයින් සඳහා ලබා දෙන තේ පැන් සංග්‍රහය, රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන මෙවර නොපවත්වන ලෙස අදාල නිලධාරීන්ට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Read More

මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ මත්පැන් පරිභෝජනය ශීඝ්‍ර ලෙස පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Read More

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සමගින් පැවති තරගයෙන් ලකුණු 35 ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත්විය. ඇඩිලේඩ් ඕවල් පිටියේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුනු 185 ක් රැස් කලේය.

Read More

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනමින් ඇළවේලි ශුද්ධ පවිත්‍ර කිරීමට QR ක්‍රමවේදයෙන් පිට ඉන්ධන ලබාදීමට තීරණය කෙරේ.

Read More

PCR පරීක්ෂාවෙන් සොයාගත් මන්කිෆොක්ස් රෝගියාගේ නිදර්ශක, ජාන අනුක්‍රමික විශ්ලේෂණයක් මගින් වහා තහවුරු කර ගත යුතුයැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

Read More

කැබිතිගොල්ලෑව ප්‍රදේශවාසින්ට හිසරදයක් වී සිටි සද්ධන්ත වන අලියා කැබිතිගොල්ලෑව වහල්කඩ ප්‍රදේශයේ සිට අල්ල‍ා රැගෙන යාමට සූදානම් කර සිටිය දී ඊයේ (03දා) සවස මියගිය බව මැදවච්චිය වනජීවි නිලධාරීහු පවසති.

Read More

දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති බව හැටන් නගරයේ එලවළු ව්‍යාපාරිකයන් කියා සිටිති.

Read More

ගෑස් මිල සූූූත්‍රය අනුව මෙම මස ගෑස් මිල සංශෝධනය කිරිමේදී ගෑස් මිල ඉහළ යයිද පහළ යයිද සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා පැවැසිය.

Read More

ලිට්‍රෝ සමාගම නව පාරිභෝගිකයන් වෙනුවෙන් නව ගෑස් සිලින්ඩර් ලබාදීම ලබන වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවැසීය.

Read More

ගෑස් පෝලිමක් තියා ආයේ ගෑස් හිඟයක් ඇති වෙන්න අපි ඉඩ තියන්නේ නෑ කියලා විශේෂයෙන්ම මතක් කරනවා. ඒ වගේම මිල අඩුවෙයි කියන බලාපොරොත්තුව අනුව ඇතැම් අපේ සමහර අලෙවි නියෝජිතයන් මැලිකමක් දක්වනවා මුලු ස්ටොක් එකම මිලදි ගන්න.

Read More

’’අපේ රටේ නායකයෝ කියන අය මේ රට පාවාදීලා තියෙනවා. අවුරුදු ගණනාවක් කළේ අපේ රට විදේශයන්ගේ වහල් බවයට ගෙන යාමයි. දැන් ඔක්කොටමත් වඩා අන්ත දෙ අපි හිඟා කන තත්ත්වයට පත්කළා’’

Read More

ලෝක වෙළෙඳපොළෙ තුළ බොර තෙල් මිල තවදුරටත් පහළ බැස තිබේ. ඉන්ධන සඳහා චීනයේ ඉල්ලුම අඩුවීම මේ සඳහා ප්‍රධාන හේතුව වි ඇති අතරම එක්සත් ජනපදය සිය උද්ධමනය පාලනය කිරීම වෙනුවෙන් පොලී අනුපාත ඉහළ නැංවීමද මේ සඳහා තවත් හේතුවක් වී තිබේ.

Read More

ශ්‍රී ලංකා බලධාරින් සහ ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ සාකච්ඡාවක් භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම වඳුරු උණ රෝගියා ඊයේ (03දා) වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් හඳුනාගෙන තිබේ. මෙම රෝගියා 20 හැවිරිදි වියේ පසුවන ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයෙකි.

Read More

පාස්කු ප්‍රහරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදින් මහතාට ඒරෙහිව අසත්‍ය චෝදනා මත අත්අඩංගවට ගැනීම, රඳවා තබා ගැනීම මෙන්ම අපහාස කිරීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කර ගනිමින් වන්දි ඉල්ලා නඩුවක් ගොනු කිරීමට සාකච්ඡා කරමින් සිටින බව බද්යුදීන් මහතාගේ පෞද්ගලික නීතිඥ රුෂ්දි හබීබ් මහතා පැවැසිය.

Read More

වර්තමාන පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසියන් සිටින්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා ක්‍රියාමාර්ග ගත නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන අදාළ තීන්දුව ලබාදෙන්නේ නෙම් ඒ අනුව තමා කටයුතු කරන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමෙන්තුවට සඳහන් කළේය.

Read More

ධීවර කර්මාන්තයේ පළපුරුද්දක් ඇති ශ්‍රමිකයින්ට කොරියාවේ ධිවර ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා විවෘත කරදීමත් ධීවර ක්ෂේත්‍රෙය් වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමත් සම්බන්ධයෙන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ දකුණු කොරියානු ජාත්‍යන්තර සමුපකාර ධීවර සංවිධානයේ සභාපති Im Joon Taek මහතා අතර සාර්ථක සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

මෙවර අයවැයේ විශාල මුදලක් වෙන් කර තිබෙන්නෙ සමාජ ශුභසාධනයට බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එසේම බදු ආදායම් ඉලක්කයෙන් මේ වන විට සියයට 68ක් සම්පුර්ණ කර ඇති බවද ඔහු පැවැසිය.

Read More

සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා පිටත්ව යැම තහන් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Read More

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ බලාපොරොත්තු අළුත් කර ගැනීමට පාකිස්ථානය සමත්විය.

Read More

ශ්‍රී ලංකාවේ පරිභෝජනය නොකරන මත්ස්‍ය කොටස් ප්‍රතිචක්‍රීකරණය කර ජපානයට සත්ව ආහාර හැටියට ආනයනය කරන නව ව්‍යාපෘතියක් මිරිස්ස ප්‍රදේශයේ ආරම්භ කිරීමට ද ශිමෝ ( SHIMO) ආයතනය බලාපොරොත්තු වන බව මෙහිදී අනාවරණය විය.

Read More

තලවකැලේ ලිදුල නගර සභාවේ කැලි කසල අංගණයට විනාශ කිරිමට නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ ලය චිකිත්සාගාරය විසින් භාර දි තිබු කල් ඉකුත් වු ඖෂධ තොගය අද (03දා) එම රෝහලේම වාහනයකින් යලිත් රෝහල වෙත රැගෙන ගිය බව තලවකැලේ ලිදුල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා පැවසිය.

Read More

ගම්පහ දුම්රිය ස්ථානයේ නව වැසිකිළික් ඉදිකිරීම සඳහා පෞද්ගලික සමාගමකට කොන්ත්‍රාත්තුවක් භාරදී ඇති අතර, ඒ සඳහා රුපියල් එක්කෝටි අසූ ලක්‍ෂ අසු එක් දහස් හයසිය පහලොවයි ශත හතරක (18081615.04) මුදලක් වැය කිරීමට නියමිතය. සැලසුමට අනුව, කාන්තා හා පිරිමි වැසිකිළි දෙකකින් සමන්විත තනි තට්ටුවේ ගොඩනැගිල්ලක් වන මෙහි, වර්ග ප්‍රමාණය වර්ග අඩි 594 කි. ඒ අනුව එක් වර්ග අඩියක් සඳහා රුපියල් 30440ක මුදලක් වැය කිරිමට නියමිතය.

Read More

පිටි, සීනී, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහක මිල ලංකා සතොස ආයතනය මගින් යළිත් පහළ දමා තිබේ.

Read More

අභියෝග හමුවේ වුවද 21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම පිළිබදව ප්‍රසාදය පළ කරන බවත් සංහිදියාව ගොඩ නැංවීම සදහා රජය විසින් උතුරු නැගෙනහිර සිදු කරනු ලබන කාර්ය භාරයන් විශිෂ්ට බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පවසයි.

Read More

මාධ්‍ය මගින් පෙන්වන තරම් අයහපත් වාතාවරණයක් ශ්‍රී ලංකාවේ නොමැති බැවින් ලෝකයේ පවතින තත්වය අනුව සංචාරය කලයුතු පළමු රට ශ්‍රී ලංකාව බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙමින් පවසයි.

Read More

මහජන ඡන්දයෙන් බලය ලබාගත නොහැකි කුමන්ත්‍රණකරුවන් පිරිසක් ජනතාව පාරට බස්සවා රට නැවත ආපස්සට හැරවීමට උත්සාහ ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Read More

විස්සයි විස්ස ලෝක කුසලානයේදී බංග්ලාදේශය සමගින් පැවති තරගයේදී ඉන්දීය කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක විරාත් කෝලි විසින් ප්‍රතිවාදී ක්‍රීඩකයින් රැවටීමට කළ පන්දු රැකීමක් ගැන බංග්ලාදේශයෙන් දෝෂාරෝපණ එල්ල වී ඇත.

Read More

පාපුවරුවේ ගමන් කල මගියෙකුට උඩට එන්න කියූ කොන්දොස්තරවරයාට පහරදුන් පුද්ගලයකු අත්අඩංගුවට ගන්නා තෙක් පානදුර- වේරගම ශ්‍රීලංගම බස් රථ රියදුරන් සහ කොන්දොස්තර වරුන් අද (03දා) ආරම්භ කළ වර්ජනය හේතුවෙන් මගින් විශාල පිරිසක් අපහසුතාවයකට පත්ව සිටියහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.