යාපනය මාණිප්පායි ප්රදේශයේදී කුඩාලොරි රථයකින් නීතිවිරෝධීව ප්රවාහනය කරමින් තිබූ වියලි කහ කිලෝ 2400 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (12දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
මාණිප්පායි පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මාණිප්පායි අනෙයිකොට්ටෙයි ප්රදේශයේදී සැකකටයුතු කුඩාලොරි රථයක් නවතා සිදුකරන ලද පරික්ෂාවකදී අදාල වියලි කහ තොගය පොහොර උරවලට දමා තිබියදී සොයාගනු ලැබීය.
අදාල වියල කහ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් යාපනයට රැගෙනවිත් යාපනයේ සිට වෙනත් ප්රදේශයකට ප්රවාහන කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවටද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය සූදුමලෙයි ප්රදේශයේ පදිංචි කරුවන් වන අතර සැකකරුවන් අද (13දා) දින මල්ලාකම් මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද මාණිප්පායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
