saravita-anim2

2025 ජුනි මස 21 වන සෙනසුරාදා

2025 ජුනි මස 21 වන සෙනසුරාදා

Latest News - timelapse 569 hours ago

LATEST

හෙට දිනයේ විදුලි කප්පාදුව ගැන ගත් තීරණය මෙන්න

calendar_today 2025 පෙබ 11 - 13:03 remove_red_eye - 570  

හෙට (12දා) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

අලුත්ගම,දර්ගානගරයේත්‍රීරෝද,යතුරුපැදී ටයර් අලෙවිකරන සහ පැච් දමන ස්ථානයක දෙපාර්ශවයක් අතර(10) සන්ධ්‍යාවේ ඇතිවූ ආරවුලක් පහරදීකලහකාරි තත්ත්වයක් දක්වාදුර දිගගොස් ඇතැයි කියන සිද්ධියට සම්බන්ධ දර්ගා නගරයේ සහ පයාගල හාල්කඳවිල ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් එකලොස් දෙනකු අලුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

Read More

ශ්‍රි ලංකා සංචිතය - චරිත් අසලංක (නායක), පැතුම් නිශ්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නිශාන් මධුශ්ක, නුවනිඳු ප්‍රනාන්දු, වනිඳු හසරංග, මහිෂ් තික්ෂණ, දුනිත් වෙල්ලාගේ, ජෙෆ්රි වැන්ඩසේ, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, මොහොමඩ් ෂිරාස්, ඒෂාන් මාලිංග

Read More

කල් ඉකුත් වූ සහ ගුල්ලන් සහිත මිනිස් පාරිභෝජනයට නුසුදුසු කඩල සහ වටනා පරිප්පු කිලෝ තුන්දහසක තොගයක් ගබඩා කරගෙන සිටීමේ චෝදනාවට වරද පිළිගත් පෑලියගොඩ ආහාර ගබඩාවේ බාරකරුට රුපියල් 20,000/-ක දඩයක් නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය අදාළ ආහාර තොගය විනාශ කිරීමට පෑලියගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ඊයේ (10) නියෝග කළාය.

Read More

මධ්‍යම විමර්ශන කාර්යාංශය නමින් නව කාර්යාංශයක් පිහිටුවීමට කටයුතු කරන බවත්, ඒ හරහා අංශ 06ක් යටතේ විවිධ අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.

Read More

සත්ව හුවමාරු ජාතික වැඩ සටහන යටතේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවළක් ,හයිනා යුවලක් හා මියර්කැට් යුවල් තුනක් මෙරටට ඊයේ (10දා) ගෙන්වා තිබේ.

Read More

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත්ව තිබී විකුණන ලද ලොරි රථ 51 න් 43 ක් ම විකුණා ඇත්තේ ගැනුම්කරුවන් දෙදෙනෙකු පමණක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් පෙබරවාරි මස 09 වැනි දා නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

විදුලිය බිඳවැටීමට වඳුරන් පැනීම ඇතුළු විවිධ හේතු සඳහන් කරමින් ආණ්ඩුව උත්සාහ කරනුයේ සූර්ය බල විදුලියට පහරක් එල්ල කර නැවත ගල්අඟුරු බලාගාර ක්‍රමය ඉදිරියට ක්‍රියාත්මක කරවීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

සිංහල ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් ඩුබායි සිට මෙරටට පැමිණීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රජයට අය විය යුතු රුපියල් කෝටි 47කට ආසන්න බදු මුදල් ගෙවීම් පැහැර හරින ලද ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගම් 06කට එරෙහිව දේශීය බදු ආදායම් දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙබරවාරි මස අට වැනි දින නඩු පවරා ඇත.

Read More

සබරගමුව සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරු සඳහා හෙට (11) පැවැත්වීමට නියමිත නිලවරණය පැවැත්වීම වළකාලමින් අභියාචනාධිකරණය අද (10) අතුරු නියෝගයක් නිකුත් කළේය.

Read More

ටෙන්ඩර් මුදල් මුදාහැරීමට අවශ්‍ය සහතිකයක් නිකුත් කිරීමට රුපියල් 36,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු මඩුල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු තාක්ෂණ නිලධාරියෙකුට වසර 56 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා රුපියල් 40,000/-ක දඩයක්ද අද (10) නියම කළේය.

Read More

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් එක්දින තරගාවලියට අදාළ ප්‍ර වේශපත් අලෙවිය මේ වන විට ආරම්භ කර තිබේ.

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් 2025 පෙබරවාරි 14 වැනි සිකුරාදා පෙ.ව 9.30 ට කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය.

Read More

පදනම් විරහිතව පාස්කු ප්‍රහාරයේ වගකීම ඇතැමුන් විසින් මෙරට බුද්ධි අංශ මත පැටවීමට යාම බෞද්ධයින් සහ කතෝලිකයින් අතර ගැටුමක් නිර්මාණය කිරීමක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

දිවයින පුරා සිදුවූ විදුලිය බිඳ වැටීමත් සමග නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රීයවීම හේතුවෙන් එම යන්ත්‍ර යථා තත්ත්වයට පත් කරන තෙක් විදුලි ඉල්ලුම කළමණාකරණය කිරීමට දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කරනු ලැබෙයි.

Read More

මේ වසරේදී ශ්‍රි ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ සඳහන් කරයි.

Read More

නාය යෑම්වලට ලක් ව තවමත් අනාථ කඳවුරුවල සිටින පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමටත්, ඒ අනුව එම නිවාස ඉදිකිරීම මාර්තු මුල් සතියේ ආරම්භ කිරිමටත් කටයුතු කරන බව වැවිලි ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේය.

Read More

වත්මන් ආණ්ඩුවේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ස්වාධීන අභිචෝදන කාර්යාලයක් ස්ථාපති කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.

Read More

දිවයින පුරා කාල සටහනකට අනුව විදුලිය කප්පාදුවකට යෑමට සිදුවන බව විදුලිබල මණ්ඩලය අද පුවත්පතට පැවසීය.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 02/10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

Read More

කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ගමන් මලු පථය අසළ මිලි මීටර් 09 වර්ගයේ ජීව උණ්ඩයකට සමාන උණ්ඩයක් වැටී තිබියදී ,ශ්‍රී ලන්කන් භූමි සහායක සේවිකාවක විසින් සොයා ගෙන , වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපොළ පොලිසිය වෙත 02/10 දින අලුයම භාර දී තිබේ .

Read More

එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා අද (10දා) දිවයිනෙන් පිටත්ව ගියේය.

Read More

නානුඔය සිට ඇල්ල ඕඩිසි ඇල්ල නමින් නව දුම්රිය ගමන් වාරයක් නානුඔය සහ බදුල්ල දුම්රිය ස්ථාන අතර (10) දින දුම්රිය සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවශ්‍රියෙන් ආරම්භ කෙරිණ.

Read More

රජය සතු ආර්ථික මධ්‍යස්ථාන දහතුනම පිළිබඳව විධිමත් සොයා බලා විධිමත් නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පියවර රජයක් ලෙස ගනිමින් සිටින බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර් .එම් . ජයවර්ධන මහතා පැවසීය.

Read More

2025 ජනවාරි මාසයේ අග සතිය වනවිට මෙරට පොල් ගෙඩියක සිල්ලර මිල පසුගිය වර්ෂයට සාපේක්ෂව 88% කින් ඉහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කරයි.

Read More

අම්මා මට මතක නෑ , නංගි දකින්නත් ආසයි කුස ගින්නේ ඉන්න පිය පුතුගේ කතාව

Read More

ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙනයාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර නොමැති බවත් පසුගිය රජයයන්ගේ සැළසුම් රහිතකමත් අදූරදර්ශී වැඩපිළිවෙලත් විදුලිය බිද වැටීමට හේතුව බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ මගී ප්‍රවාහන බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 25ක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි. තුවාලකරුවන් කුරුණෑගල රෝහල වෙත යොමුකර තිබේ. නවතා තිබූ බස් රථයක පිටුපස අනෙක් බස් රථය ගැටී අනතුර සිදුව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.