saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 4911 hours ago

LATEST

රජරට රැජින පීලි පනියි

calendar_today 2022 සැප් 02 - 10:08 remove_red_eye - 307  

රජරට රැජින දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක්ව තිබේ. මේ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියෙකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොටස් හිමියෙකු ලෙස, චීනය සෑම විටම IMF සහ අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීම වෙනුවෙන් වූ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරයට සහය දැක්වීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කරන ලෙස දිරිමත් කරන බව චීනය පවසයි.

Read More

මිද්දෙනිය සතොස්මාතාගම ප්‍ර දේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. ඊයේ රාත්‍රි මෙසේ ඝාතනය කර ඇත්තේ අවුරුදු 47ක් වන සතොස්මාතාගම පදිංචිකරුවෙකි.5

Read More

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගය කඩුලු 2කින් ජය ගනිමිනි.

Read More

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60ක් බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

Read More

අද රාත්‍රි යේ ඉන්ධ මිල සංශෝධනයක් සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමෙන් ඔහු මේ බව සඳහන් කරයි.

Read More

යහපත් ආයෝජන අවස්ථා බිහිකිරීමට හා ආයෝජකයන් සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධානින්ගෙන් සමන්විත කාර්ය සාධක බලකා අටක් ස්ථාපිත කිරීම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලයේ දී අද (01) සිදු කෙරිණි.

Read More

මෙම අර්බුදය විසදීම මාසයෙන් දෙකෙන් කළ නොහැකි දෙයක් බවත් අඩුම මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා වත් මෙම අපහසුතාවන් දරාගැනීමට සුදු වන බව තමා විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එසේම මෙම අර්බුදය මගහරවා ගැනීමට රාජ්‍ය ආදායම 14/15% ක මට්ටමකට වත් වැඩි කළ යුතු බව ද නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කළේය.

Read More

සුඛෝපභෝගී ජීප් රථයක් මාදිවෙල ඉන්ධනහලට කඩා වැදීමෙන් සිදුවූ අනතුරකින් පොම්පකරුට බරපතළ තුවාල සිදුවී ත්‍රී රෝද රථයකට සහ යතුරු පැදි දෙකකට, ඉන්ධනහලේ පොම්පයකට සහ ඉන්ධනහලට බරපතල අලාභ සිදු වී ඇතැයි මිරිහාන පොලිසිය කියයි.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සෙනසුරාදා යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. ජනපතිවරයාට එරෙහිව ජුලි 9 දා එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ හිටපු ජනපතිවරයා මුලින්ම මාලදිවයිනටත් ඉන් අනතුරුව සිංගප්පූරුවටත් පිටත්ව ගියේය.

Read More

’’පාර්ලිමේන්තුව තුල ස්වාධීන වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් මෙතෙක් වෙන් කල කාලයට ගරු නොකොට ආන්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය මගේ නම අද දින අයවැය විවාදයේ කථික ලැයිස්තුවෙන් ඉවත් කොට ඇත. විවාදය අවසන් වූ පසු පුවත්පත් නිවේදන හරහා කරුණු පැහැදිලි කිරීමෙන් පලක් නැත.’’

Read More

කර්මාන්ත ක්ෂේත්‍රය සදහා අවශ්‍ය සිමෙන්ති,යකඩ ඇතුළු අමුද්‍රව්‍ය මිල සම්බන්ධයෙන් පවත්නා ගැටළුව විසදීමට ඉදිරි සතිය තුළදී අවශ්‍ය පියවර ගන්නා බව වෙළෙඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

එලෙස නිදොස් කොට ඇත්තේ, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන සෙල්වරාජා කිරුබාකරන් සහ එවකට හිටපු සහකාර පොලිස් අධිකාරි සෙනරත් ලක්ෂ්මන් කුරේ යන අයයි.

Read More

වැට් බදු ඉහළ දැමීමට සාපේක්ෂව දුම්වැටියක මිලද අද සිට වැඩි කිරීමට දුම්වැටි අලෙවිකරන සමාගම් තිරණය කර තිබේ.

Read More

මම ආණ්ඩුවට යන්නේ නෑ ඒක මතක තියා ගන්න. නැතනම් හිතයි මූ මේ ඇමතිකමක් ගන්න හදනවා කියලා. මට ඇමතිකම් ඕන නෑ. අවුරුදු 7ක් ඇමතිකම් නැතිව හිටියේ. ඇමතිකම් නැතිවුණත් අපේ පැත්තේ මිනිස්සු මට මහ ඇමතිට වගේ සලකන්නේ. අපි ඔක්කොම එකතුවෙලා මේ දැල උස්සමු. දේශපාකයෝ විතරක් නෙමෙයි මේකට නිලධාරිනුත් වග කියන්න ඕන. මේකට මහ ජනතාවත් වග කියන්න ඕන. මොකද මහ ජනතාව වග කින්න ඕන අපි අගේ අය පාර්ලිමේන්තුවට යැව්වට. ඊළඟ පාර වෙනස් කරන්න ඕන. ඒ වෙනස් කරන්නෙත් නෑ.”

Read More

කෑගල්ල කළුගල්ල මාවතේ පිහිටි දේශපාලන පක්ෂ කාර්යාලයක පිටුපස කාමරයක කාන්තාවක් වෙඩි වැදී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

“පිටරට සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ රාජ්‍ය ත්‍රස්තවාදය නවතිනකම් මේ රටට සතයක්වත් එවන්න එපා. අපි බඩගින්නේ මැරෙන්න වුණත් ලෑස්තියි සත පහක්වත් එවන්න එපා. මේ රජයට උදව් කරන්න එපා. අයි.එම්.එෆ්. එකෙන් ලැබෙන දේවල් ලැබෙනවා කිව්වා. අපි ආඩම්බර වෙනවා. ඒක හරියට හිඟන්නෙකුට ස්වීප් ටිකට් එකක් ඇඳුනා වගෙයි.නමුත් මේ රාජ්‍ය ත්‍රිස්තවාදය තිබෙනවානම් මේවා ලැබීමට අපි සුදුසුද නැත්ද කියලා මට ප්‍රශ්නාර්ථයක් තිබෙනවා.”

Read More

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් යාපනය හා මහනුවර, නුවරළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි

Read More

ශ්‍රී ලංකාවේ ජල සම්පාදන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය හා ඛණිජ තෙල් සංස්ථාව පිළිබඳව සොයා බලනවානම් ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳවද සොයා බැලිය යුතු බව පාර්ලිමේ්නතු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

Read More

නාදුනන පිරිමි මළ සිරුරක් 1 දින අලුයම මුතුපන්තිය වෙරළට ගොඩ ගසා තිබු බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි. පොලිසිය පවසන්නේ මළ සිරුර මුහුදේ පාවි විත් මුතුපන්තිය වෙරළ තිරයට ගොඩ ගසා ඇති බවත් අවුරුදු 35 ක පමන තරුණ අයකුගේ සිරුරක් බවට සැක කරන බවයි.

Read More

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බව නිවේදනය කරයි.

Read More

’’හිඟාකාල හරි ළමයින්ට කෑම වේලක් දෙනවා. ඒ්කේ වැරැද්ද මොකක්ද?’’ යැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුමේදී ‌විමසා සිටියේය.

Read More

චීන පොහොර නැව සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ සභාපතිත්වයෙන් වෙනම කමිටුවක් පත්කර තිබෙනවා. ඒ වෙනුවෙන් සාකච්ඡා කරගෙන යනවා. මගෙත් පළමු උත්සාහය වුණේ ඒ මුදල් නැවත ලබාගන්න. ඩොලර් මිලියන 6.9ක් වගේ තිබෙනවා. ඒක බැරිවුණොත් රසායනික පොහොර ගන්න උත්සාහයක් දරුවා. දෙකම අසාර්ථක වෙලා තිබෙනවා.

Read More

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3ක් ඊයේ (01) දින විවෘත කර ඇති බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.

Read More

ඉහළ දැමුණු ජල ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වෙයි. ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජල සම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පසුගිය අගෝස්තු 25 වන දින නිකුත් කරනු ලැබීය.මෙවර ජල ගාස්තු සංශෝධනය පාරිභෝගික කාණ්ඩ 12ක් යටතේ සිදුකර තිබේ.

Read More

දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 150 ක පමණ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් දැකිය හැකි වන අතර මේ වසර අවසානයේදි සංචාරකයින් මිලියනයක් සමග ක්ෂේත්‍රය ආශ්‍රිත අපේක්ෂිත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.8ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

Read More

මෙම පියවර නිසා රුසියානුවන් වැඩි කාලයක් බලා සිටීමට සහ යුරෝපා සංගමයේ රටවලට වීසා සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇති බව කියයි.

Read More

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු බලපිටිය රෝහල අසල දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

ඇලෙප්පෝ ගුවන් තොටුපළට පහර දුන් ඊශ්‍රායල මිසයිල මධ්‍යධරණී මුහුදට ඉහළින් පැමිණ ඇති බව ප්‍රාදේශීය පුවත් වාර්තා කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.